IMF දෙවැනි වාරිකයට අනුමැතිය

205

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී ඇත.එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර තිබේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත.මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment