අගමැතිත් අස්විය යුතුයි

508

අගමැති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ පැවැති ආණ්ඩුව දැන්වත් නිත්‍යනුකූල ලෙස ඉවත් වී අන්තර් කාලීන ආණ්ඩුවකට වහාම යා යුතු බව හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කළ යුතු ප‍්‍රධානතම කාර්යය වන්නේ එලෙස ඉවත් වීමකින් පසුව සියලූ පක්‍ෂ නියෝජනය වන පරිදි අන්තර් කාලීන පාලනය මගින් ඩොලර් සංචිතය ශක්තිමත් කිරීම බවද හෙතෙම කීය.

මෙම අන්තර් පාලනය ඉතා ඉක්මනින් පිහිටුවිය යුතු බවත් එසේ නොමැති වුවහොත් කඩාකප්පල්කාරී කණ්ඩායම් වත්මන් අර්බුදය දේශපාලන පාපන්දුවක් කරගනු ඇති බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment