ඉංග්‍රීසි කතාව 30 දා සිට එකෙන්ම පටන් ගනී

120

ඉංග්‍රීසි භාෂාවට හිමි වන සුවිශේෂී වැදගත්කම සලකා මාර්තු 30 වැනිදා සිට එක ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දිවයින පුරා පාසල්වල ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉදිරියේදී 06 – 09 හා 10 – 13 ශ්‍රේණි දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවත් එහි නියමු ව්‍යාපෘති ලබන මාසයේදී ආරම්භ කරන බවත් ඇමැතිවරයා පැවසීය. එමෙන්ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධ කෘත්‍රීම බුද්ධි විෂය

ඉගැන්වීමට ද සැලසුම් කර ඇති බව ද ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීම මේ වනවිට සිදුකෙරෙමින් ඇති බව ද ඊයේ (20 දා) පැවැති උත්සවයකදී ඇමැතිවරයා කීය.

විද්‍යා පීඨ ගුරුවරුන් 8000 ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000 ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර

ගන්නා බවත් දරුවන් ඒ සඳහා උනන්දු කරවීම දෙමාපියන්ගේ යුතුකමක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment