අඩු ආදායම් පවුල්වල දරුවන්ට සිසු සැරියෙන් නොමිලේ සීසන්

133

සිසු සැරිය ප්‍රවාහන සේවාවෙන් පාසල් යන අඩු ආදායම් පවුල්වල දරුවන්ට නොමිලේ සීසන් බලපත්‍රයක් ලබා දීමට මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් සැකසීමට විශේෂ කමිටුවක් පත් කර ඇතැයිද දිළිඳු දරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ සීසන් බලපත්‍රයක් සහ ගෙවීමේ හැකියාවක් ඇති දරුවන්ගෙන් ගාස්තුවෙන් තුනෙන් එකක් අය කර ඉතිරි තුනෙන් දෙක සහනාධාරයක් වශයෙන් ද සීසන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට අවධානය යොමු කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

සියලුම පාසල් සිසුන්ට සහනයක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති අතර ඩීසල් සඳහා වියදම් වන මුදල ගැන පමණක් සලකා එම ගැලපුම් ක්‍රියාවලිය සිදු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සිසුසැරිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව කීය

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment