අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමට ලිපි නැහැ

76

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් නොකරන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු වේ.

එම පසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත. තවද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට නොපැමිණෙන ලෙස ද දන්වා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment