අද සහ හෙට වැසි සුළං වැඩිවෙයි

125

දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අද (08 දා) සහ හෙට (09 දා) අපේක්‍ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින ආශ‍්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම මීට හේතුවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මෙම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවාකලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරය

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා,  සුගතපාල දියගහගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment