අනතුරින් යාපනය ගුරුවරිය මියයයි-පොලිස් නිළධාරියකුට බරපතලයි

518


යාපනයේ කෝපායී කයිතඩි හන්දිය අසලදී යතුරු පැදියක ගමන් කළ ගුරුවරියක් හා පොලිස් නිලධාරියෙකු 15 දා පිටුපසින් පැමිණි ටිපර් රථයකට යට වීම නිසා ගුරුවරිය එම ස්ථානයේම මියගිය අතර පොලිස් නිලධාරියා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක එස්.සීතාංගනී නැමති පාසල් ගුරුවරියක් වන අතර පොලිස් නිලධාරියෙකු වන ඇගේ සැමියා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
ටිපර් රථයේ රියදුරා කෝපායී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ ටිපර් රථයේ රියදුරා අධික වේගයෙන් පැමිණ ඉතා අනාරක්ෂිතව තිබූ ස්ථානයකදී යතුරු පැදියට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment