අන්තර්කාලීන ආණ්ඩුවකට ස්වාධීන වූ මන්තී‍්‍රලාගෙන් ජනපතිට කරුණු  11 ක යෝජනාවක්

503

සර්වපාක්‍ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත කරුණු 11 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ද, පක්‍ෂ 10 එකමුතුව නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර මහතාද, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්තී‍්‍ර කණ්ඩායම නියෝජනය කරමින් අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විජයදාස රාජපක්‍ෂ මහතා ද එම ලිපියට අත්සන් තබා තිබේ.

ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල නායකයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම, අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යාංශ ගණනක් සහ ඒවායේ විෂය පථය ජාතික විධායක සභාව මගින් තීරණය කිරීම, ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයකු පත් කිරීම, ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමැති මණ්ඩලයක් පත් කිරීම, ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම, ඇමැතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප‍්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම, ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යාංශයක් සඳහාම විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පිහිටුවීම, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජ තෙල් ගෑස් පොහොර හා අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප‍්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පිහිටුවීම, විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය බලශක්ති වැනි විෂයයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු පක්‍ෂයේ වෙනස්වීම් සමග වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්තියක් වෘත්තිකයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස හයක කාලසීමාව තුළදී සකස් කිරීම එම යෝජනා වේ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment