අනුරාධපුර සිරගෙදර යකා නැටූ ඇමැති ඉවත් කරන්න-විපක්ෂනායක

149

අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකින බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි.අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි.
මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි යැයි එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment