පොහොට්ටුවේ තනතුරු පුළුල් කිරීමට 15දා සම්මේලනයේදී තීරණයක් ගන්නවා – මහලේකම් සාගර කාරියවසම්

102

ලබන 15 වැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරු පුළුල් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය.

පක්ෂ සම්මේලනය ලබන 15 දා සවස 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට පක්ෂයේ සෙසු නායකයන් සහ පක්ෂ නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහෝදර පක්ෂවල නායකයන්ද සහභාගි වන මෙම සම්මේලනයෙන් අනතුරුව රැස්වන විධායක කාරක සභාවේදී නව තනතුරු සඳහා පත් කළ යුත්තේ කවුද යන්න තීරණය කරන බවත් මහලේකම් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment