අපට පාඩමක් කියාදී මංගල නික්ම ගිය වග

484

මංගල සමරවීර ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් විය. 1983 වර්ෂයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතර සංවිධායකවරයා ලෙසින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ මංගල සමරවීර මහතා 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්විය.

 චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ ජනපතිවරුන්ගේ පාලන සමයේදී මෙන්ම මෛත‍්‍රී – රනිල් පාලන යුගයේ විවිධ අමාත්‍ය ධුර දැරූ මංගල සමරවීර මහතා කවර විවේචන තිබුණද තමන් දැරූ දේශපාලන මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටි දේශපාලනඥයෙකි.

 උතුරු නැගෙනහිර අර්බුදයේදී ජාතික සමගිය වෙනුවෙන් මංගල සමරවීර මහතා නිරතුරුව සිය හඬ අවදි කළේය. මාතර සංවර්ධනයේ නියමුවා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා කොළඹ නගරය සංවර්ධනය කිරීමට යෑමේදී උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයන් මනා ලෙස කළමනාකරණය කර ගැනීමට සමත් විය.

 මංගල සමරවීර මහතාගේ දේශපාලනයේ තවත් කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ ඔහු ආණ්ඩු සෑදීමට මෙන්ම ආණ්ඩු පෙරළීමට සන්ධාන හැදීමේ ශූරයකු වීමයි. හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ අතිශය කුළුපග මිත‍්‍රයකු වූ මංගල සමරවීර මහතා රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනයේදී විවිධ භූමිකා නිරූපනය කළ චරිතයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකම වේදිකාවකට ගෙනවිත් සන්ධානයක් නිර්මාණය කර ආණ්ඩුවක් පිහිටුවීම දක්වා වූ කි‍්‍රයාවලියේ නියමුවා වූයේ මංගල සමරවීරයන්ය.

 පසුගිය මහා මැතිවරණයේදී මංගල සමරවීර මහතා මාතර දිස්ත‍්‍රික්කයෙන් තරගයට ඉදිරිපත් වූවත් පසුව ඉල්ලා අස්විය. එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වීම පිළිබඳව ඔහු තුළ සතුටක් නොවීය. ජයග‍්‍රහණය සඳහා දෙකඩ වීම නොව එකතුවීම වඩා වැදගත් බව ඔහු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ජාතික පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡුාවකදී සඳහන් කර තිබිණි.

 අදාළ සම්මුඛ සාකච්ඡුාවේදී මංගල සිය හෘද සාක්‍ෂිය විවෘත කර තිබිණි. සිස්ටම් චේන්ජ් එක වචනවලට සීමා නොවී සැබෑ ලෙසත් අප රට ගොඩනැ`ගීම සඳහා පුළුල් ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ඔහු එහිදී පෙන්වා දී තිබුණි. 1948 දී ආසියාවේ ඉදිරියෙන්ම සිටි අප රට දෙවැනිව තිබුණේ ජපානයට පමණි. එතැන් සිට මේ දක්වා රට කරවූ සියලූ ආණ්ඩු අප රට අසමත් රාජ්‍යයක් කරා රැුගෙන යෑමට වගකිව යුතු බව පවසා මංගල සමරවීර මහතා තමාද එහි හවුල්කරුවකු බව පවසන්නේ ඔහුගේ හෘද සාක්‍ෂිය තුළ තිබූ සැබෑ මානවවාදී දේශපාලනයේ පැතිකඩ අපට පසක් කර දෙමිනි.

 මේ අතර මංගල සමරවීර මහතා පසුගිය ජූලි මස 25 වැනිදා කොළඹ පී. බී. ජයා මාවතේ පිහිටි ‘ෆ‍්‍රීඩම් හබ්’ හිදී මාධ්‍ය හමුවක් පවත්වා වත්මන් දේශපාලනය පිළිබඳව ඔහු පෙන්වා දුන් කරුණු ද මතු අනාගතයේ අපේ රටට දේශපාලන වෙනසක් කිරීම සඳහා වැදගත් වනු ඇත.

 අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිසක් ආදේශකයක් නෙවෙයි, ප‍්‍රමාද වී හෝ අප රටට අනාගතයක් හදන්නට නම් තරුණ තරුණියන්ට ජීවත්වෙන්න පුළුවන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දමන්නට නම් දැන්වත් අපි සැබෑ දේශපේ‍්‍රමය කියන්නේ කුමක්ද කියා තේරුම් ගත යුතු යැයි මංගල සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

 එම විකල්පය ජාතියකට, ආගමකට, කුලයකට පක්‍ෂයකට කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන සැබෑ දේශපේ‍්‍රමය මුල්කරගත් විකල්පයක් විය යුතු බව ද මංගල සමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 මංගල සමරවීර මහතා මේ පෙන්වා දුන් පාඩම හෙට දවසේ දේශපාලනය වෙනුවෙන් වඩාත් තිව‍්‍රර මතවාදයක් ගොඩනැගීම වෙනුවෙන් යොදාගැනීමට පුළුවන.

 දේශපාලනයේ සිටිය යුතුම චරිතයක් වූ මංගල සමරවීර වැන්නවුන්ව කොවිඞ් මාරයා විසින් බිලිගැනීම අතිශය කනගාටුදායකය. මංගල සමරවීර පමණක් නොව වි.ජ.මු. ලොකු බණ්ඩාර වැනි දේශපාලන චරිත, ප‍්‍රාදේශීය මට්ටමේ විවිධ දේශපාලන කි‍්‍රයාකාරීන්, සුවවිරු ප‍්‍රජාව නියෝජනය කළ වෛiවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ නියුතු සේවකයන් මෙන්ම අප රටේ විවිධ ව්‍යාපාරිකයන් මෙම කොරෝනා වෛරසයට බිළිවී තිබේ. එසේම රටට සම්පතක් වූ අපගේ ආදරණීය ජනතාව විශාල පිරිසක්ද මේ මොහොතේ රටට අහිමිව තිබේ. එනිසා රටක් ලෙස අප මේ ගෙවමින් සිටින්නේ අතිශය තීරණාත්මක මොහොතකි. එම තත්ත්වය තුළ තවත් ආදරණීයන්ගේ වියෝවීම්වලට ඉඩ නොතබන අයුරින් කටයුතු කිරීමට අප මේ මොහොතේ කටයුතු කළ යුතුව ඇත. මංගල සමරවීරයන්ද කොරෝනාවට බිළිවී අපට යළි පසක් කර දී ඇත්තේ තරාතිරම් නොබලා කොවිඞ් මාරයා දසතින් අපට පහර දෙමින් සිටින බවයි. ඇතිවී තිබෙන අර්බුදයේ වරද කාට හෝ පැවැරීමෙන් පමණක් අපට ගැළවිය නොහැක. රට කොරෝනාවෙන් ගලවා ගැනීම සඳහා අවැසි විiාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීම සියලූ දෙනාගේම වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment