අයිඩියල් මෝටර්ස් සමාගම මගින් දේශීයව නිෂ්පාදනය කළ ATV රථ ශ්‍රී ලංකා නාවික හමුදාවට භාරදෙයි

387
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන් විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල්’ (Combat All Terrain Vehicles) රථ නිල වශයෙන් භාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) නාවික හමුදාවේ රියර් අද්මිරාල් පී. ඒ. ජේ. එන්. පොන්නම්පෙරුම, රියර් අද්මිරාල් ආර්. ඒ. පී. පී. රත්නායක, කොමදෝරු ඩී. එස්. පී. කේ. ද සිල්වා, නාවික හමුදා මැරයින් බළකායේ අධ්‍යක්‍ෂ කොමදෝරු පී. එස්. කේ. පිටිගල යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව සහිත, යුද කටයුතු සඳහා භාවිත කළ හැකි ‘කොම්බැට් ඕල්ටරේන් වෙහිකල් (Combat All Terrain Vehicles) රථ පෙළක් දේශීය තාක්‍ෂණයෙන් නිෂ්පාදනය කර ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දෙනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන සහ එකලස් කරන සමාගමක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ (Mahindra and Mahindra – India) තාක්‍ෂණික දායකත්වයෙන් මෙම ATV රථ දේශීයව නිෂ්පාදනය කර ඇති අතර මේ සඳහා එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍ර සමාගම මගින් ලබාගෙන ඇත.

අනිකුත් සියලුම යෙදවුම් සහ වාහන නිර්මාණය දේශීය ඉංජිනේරුවන් අතින් නිමවා සකස් කර ඇති මෙම රථය ඕනෑම රළු මාර්ගයක ගමන් කළ හැකි බව පරීක්‍ෂණ ධාවනවලින් තහවුරුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment