අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝවොට් 805 ක සූර්යබල පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට

155

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 805ක දැවැන්ත සූර්යබල විදුලි පද්ධතිය ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් 05 වැනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියුතු ව්‍යාපාරයක් කිලෝවොට් 805ක අති දැවැන්ත සූර්යබල පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ ප‍්‍රථම අවස්ථාව ද මෙය වේ.

මීට අමතරව අයිඩියල් ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් 05 වැනිදා ව්‍යාපාර සමූහයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ දෙවන අදියර යටතේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවට ද නලීන් වෙල්ගම මහතා විසින් මුල්ගල තබන ලදී. ලබන දෙසැම්බර් මාසය වන විට එම කර්මාන්තශාලාවේ වැඩ අවසන් කිරීමට නියමිත අතර එහිද කිලෝවොට් 500ක දැවැන්ත සූර්යබල පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝවොට් 805 ක සූර්යබල පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති  නලීන් වෙල්ගම

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් මෝටර්ස්, අයිඩියල් චොයිස් සහ අයිිඩියල් ෆස්ට් චොයිස් ආයතනවල මීට ඉහතදී මෙම සූර්යබල පද්ධති ස්ථාපිත කර තිබේ.

අයිඩියල් මෝටර්ස් සහ අයිඩයල් ෆස්ට් චොයිස් පුත්තලම ප‍්‍රදර්ශනාගාරය හා වැඩපොළේ රු. මි. 6ක ආයෝජනයෙන් කිලෝවොට් 43ක්, නො. 150 රත්මලාන වැඩපොළේ රු.මි. 5ක ආයෝජනයෙන් කිලෝවොට් 40ක්, වැල්ලවත්ත ප‍්‍රධාන වාහන අංගනයේ රු. මි. 5ක ආයෝජනයෙන් කිලෝවොට් 33ක්, යක්කල අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් ප‍්‍රදර්ශනාගාරය සහ වැඩපොළේ රු. මි. 14ක ආයෝජනයෙන් කිලෝවොට් 102ක්, රත්මලාන අයිඩියල් චොයිස් සුඛෝපභෝගී වාහන වැඩපොළේ රු. මි. 55ක ආයෝජනයෙන් කිලෝවොට් 407ක්, වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ රු. මි. 90ක ආයෝජනයෙන් කිලෝවොට් 805ක්, නො. 60 රත්මලාන අයිඩියල් මෝටර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානය හා ප‍්‍රධාන ගබඩාවේ රු. මි 25ක ආයෝජනයෙන් කිලෝවොට් 237ක්, රත්මලාන, නො. 75, අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ප‍්‍රධාන වැඩපොළේ රු. මි. 15ක ආයෝජනයෙන් කිලෝවොට් 105ක් හා රත්මලාන අයිඩියල් හෝල්ඩිංග්ස්හි රු. මි. 45ක ආයෝජනයෙන් කිලෝවොට් 333ක් සූර්යබල පද්ධති ස්ථාපිත කොට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇත.

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ග‍්‍රීන්ටෙක් සමාගම මගින් මෙම සියලූම සූර්යබල පද්ධති ස්ථාපිත කර ඇති අතර රුපියල් මිලියන 260කට අධික මුදලක් ඒ සඳහා ආයෝජනය කර තිබේ. මෙමගින් මෙගාවොට් 2කට අධික, දැවැන්ත සූර්ය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා, මේ වන විට සමස්ත ලෝකයම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුවෙමින් පවතිනවා. ශ‍්‍රී ලංකාව ද ඒ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අතර ජාතික වගකීමක් ලෙස සලකා අයිඩියල් ව්‍යාපාර සමූහය පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුවීමට කටයුතු කරන ලදී. අපගේ දිවයින පුරා පිහිටි ප‍්‍රදර්ශනාගාර හා වැඩපොළවල් මේ වන විට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කෙරෙහි යොමුවී ඇති අතර එහි සංධිස්ථානයක් ලෙස වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කිලෝවොට් 805කින් සමන්විත අතිදැවැන්ත සූර්යබල පද්ධතිය හැඳින්විය හැකි යැයි කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment