අරගලකරුවන් දඩයම් කිරීම නැවැත්විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

97

 ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගල කළ අරගලකරුවන් පසුපස ලුහුබැඳීම වහාම නවතන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 මෙය දඩයමක් බවත් ඒ හරහා ජාත්‍යන්තරයට යන පණිවිඩය අතිශයින් කනගාටුදායක බවත් පැවැසූ විපක්ෂ නායකවරයා, එකී අපකීර්තිය නිසා පීඩාවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩා මේ රටේ සමස්ත ජනතාව බව ද කීවේය. පෙරේදා (26) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පුරවැසි අරගලකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

 අරගලයේ නායකයන් පසුපස ම්ලේච්ඡ ලෙස ලුහුබැඳීම නතරකොට එකී කණ්ඩායම් සියලු දෙනා සමග ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියකට එළඹෙන ලෙසත්, ඔවුන් සමග සාකච්ඡාවට කටයුතු යොදන ලෙසත් ආණ්ඩුවට බල කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන් අරගල කළේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටින බව කීවේය. ලිච්ඡවී පාලනයක් ගැන කතා කරන ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව ද ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment