අරගල භූමියෙන් සහ අපෙන් නැගෙන්නේ එකම හඬයි – අනුර කුමාර දිසානායක

340

“අරගල භූමිය තුළින් සහ අපෙන් නැගෙන්නේ එකම හඬ” යැයි ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11 වැනිදා) සඳහන් කළේය.

එබැවින් අරගලයේ හඬ සහ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ හඬෙහි පරතරයක් නැති බවද හෙතෙම කීවේය. සමාජවාදී ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය සංගමය, කලා සංගමය, වෘත්තීය සමිති ව්‍යාපාරය අරගලය තුළ කටයුතු කරන බව කී හෙතෙම අංශ ගණනාවක් ඔස්සේ සිය බලවේගය අරගලය නියෝජනය කරන බවත් පැවසීය.

රාජපක්ෂ පවුලේ කළු ජීවිත පළවා හැරීම සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු කළ අරගලයේ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම දේශපාලන සංස්කෘතියේ හා ආර්ථික ප්‍රතිපත්තියේ සංකේතාත්මක පළවා හැරීමක් පමණක් බවත් දිසානායක මහතා පැවසීය. එබැවින් ජයග්‍රහණය සඳහා ඉදිරි පියවර ගණනාවක් තව ඉතිරිව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

1978 දී ඇති කළ අවස්ථා ගණනාවකදී විකෘති කරන ලද ව්‍යස්ථාව ජනතාවගේ සැබෑ නියෝජනය සහ සැබෑ අවශ්‍යතා ඉටු වන ලෙස වෙනස් විය යුතු බවත් එය අරගලයේ අපේක්ෂාවක් බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment