ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ ගැටුම්වලින් 54ක් මරුට

343

ඊසාන දිග ඉන්දියාවේ පිහිටි මනිපුර් ප්‍රාන්තයේ හටගෙන ඇති දරුණු වාර්ගික ගැටුම් හේතුවෙන් 54 දෙනකු පමණ මියගොස් තවත් 23,000ක් පමණ අවතැන්ව සිටී. මෙම ගැටුම්වලින් අවතැන් වූවන් බොහෝ දෙනකු හමුදා කඳවුරුවල ලැගුම් ගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි. ‘කුකී’ හා ‘මෙයිටෙයි’ වාර්ගික කණ්ඩායම් අතර හටගෙන ඇති මෙම ගැටුම් හේතුවෙන් මනිපුර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16න් 09කට ඉකුත් බදාදා (03දා) සිට ඇඳිරි නීතිය පැනවීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

මෙම වාර්ගික ගැටුම් හේතුවෙන් මනිපුර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක වාහන හා දේපළවලට හානි සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment