අලි වැටට විදුලිය සපයන බැටරි ගලවා විකිණීමේ ජාවාරමක්

521

ගම්මාන වල වන අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඉදිකර තිබෙන අලි වැට වලට විදුලිය සපයන බැට්රි සූක්ෂම ලෙස හොර රහසේ ගලවා විකිණීමේ ජාවාරමක නිරත වන පුද්ගලයන් සම්බන්ධව වනාතවිල්ලුව පොලිසිය ට ලැබූ තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී එසේ ගලවාගත් බැටරි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (19* සවස අත්අඩංගුවට ගෙන ඇත.

වනාතවිල්ලුව පොලිස් වසමට අයත් මොරපතාව ගම්මානයේ ආරක්ෂාවට ඉදිකර ඇති අලි වැටට විදුලිය සපයන ආරක්ෂිත කුටීර වල සවි කර තිබූ බැටරි මෙසේ ගැලවීම සිදු කරන අවස්ථාවේ ගම්මානයේ ජනතා විසින් පොලිසියට ලද දැනුමදීමක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මෙසේ ගලවන ලද බැටරි වල වටිනාකම රුපියල් 35000 ක් බව පොලිසිය පවසයි.

ලැබූ තොරතුරක් මත වනාතවිල්ලුව වන ජීවි නිළධාරින් සහ පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් සිදුකළ වැටලීමේදී එසේ ගලවාගත් බැටරි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස් අවුරුදු 20 ත් 36 ත් වයස් වල පසුවන අතර ඔවුන් මොරපතාන ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment