අලි වැඩ මාර්තු මුල

181

එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන මාර්තු පළමු සතියේ සිට ආසන මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

පක්‍ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව උතුර – නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන අධීක්‍ෂණය සඳහා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පළාත් සහ දිස්ත‍්‍රික්ක මට්ටමින් අනුයුක්ත කිරීමට ද පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු යොදා ඇත.

ඒ අනුව පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඌව පළාතේ සහ දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ පක්‍ෂ දේශපාලන කටයුතු මෙහෙයවීමට නියමිතය.

පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ල, රත්නපුරය, කළුතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්කවල සාමාජික ප‍්‍රවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරයි.

පක්‍ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා වයඹ පළාත ද ජාතික සංවිධායක සාගල රත්නායක මහතා මහනුවර, කොළඹ සහ මාතර දිස්ති‍්‍රක්කවල ද සංවිධාන කටයුතු මෙහෙයවයි.

මීට අමතරව රුවන් විජයවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරුන් කොළඹ දිස්ත‍්‍රික්කයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන් අධීක්‍ෂණය කිරීමට ද නියමිතය.

අදාළ දේශපාලන කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට සතිපතා වාර්තා කළ යුතු වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment