අවුරුදු සමරන්න බැතිමතුන් දහස් ගණනින් කතරගම ඇවිත්…

155

සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද මුල් කරගෙන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණියහ.

14 වැනි දින උදෑඋසන කතරගම මහා දේවාලය ඉදිරිපිට කිරි ඉතිරවීමේ මංගල්‍යය පවත්වා දේවාලය වසා තබා නව අවුරුදු උදාව සමගින් දේවාලය සුබ මොහෙතින් විවෘත කරන ලදී.

14 වැනි දින රාත්‍රි දෙවියන් වැඩමවා අවුරුදු මංගල්‍යය (පෙරහැර) වීදි සංචාරය කරන ලදී.

මෙවර අවුරුදු මංගල්‍යය සඳහා උතුරු නැගෙනහිර සිට හින්දු බැතිමතුන් රැසක් පැමිණීම විශේෂත්වයක් ගත් අතර යාපනය ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය, අම්පාර යන ප්‍රදේශ ඔස්සේ හින්දු බැතිමතුන් රැසක් පැමිණ පූජා භූමියේ ලැඟුම් ගෙන සිටියහ.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කලේ පැවැති කෙටි නිවාඩුව මුල් කරගෙන ලක්ෂ 02කට ආසන්න බැතිමතුන් පිරිසක් කතරගම දේවාලය වැද පුදා ගත් බවයි.

කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment