ආර්.3 එෆ්. පිරමීඩ වැඩ ගැන විධිමත් විමර්ශනයක් කරන්න

77

අධිකරණයෙන් සීඅයිඩී මූල්‍ය අපරාධ අංශයට නියෝග

රයිට් ටු ත්‍රී ෆ්‍රීඩම් හෙවත් ආර් 3 එෆ් නමින් සමාගමක් ලියාපදිංචි කර පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ පැමිණිල්ල පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන අංශය ඊයේ (22දා) වාර්තා කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment