ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට – ශ්‍රී ලංකාවෙන් 13 ක කණ්ඩායමක්

319

යුපුන් – නිලානි – උෂාන් නොමැතිවීම ලොකු පාඩුවක්
මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු

තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහ ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් යුත්13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් නම් කර තිබේ.

තරගාවලිය ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී කණ්ඩායම එම තරගාවලිය සඳහා මේ මස 09 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

තරඟාවලිය සඳහා නම් කළ එම ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා පසුගියදා යොමු කොට තිබුණි. තරගාවලියේදී ශ්‍රීලංකාවට පදක්කම් 4ක් හෝ 5 ක් දිනා ගැනීමේ හැකියාව ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය.

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනන පදක්කම් සංඛ්‍යාව හරියට කියන්න අමාරුයි. අපට වඩා ඉදිරියෙන් ජපානය, ඉන්දියාව, චීනය සහ කටාර් සිටිනවා. ඒ කෙසේ වෙතත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව පදක්කම් හතරක් හෝ පහක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා”රෑ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් ලාභී දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන යුපුන් අබේකෝන් පෞද්ගලික පුහුණුකරු සහ කළමනාකාරීත්වයේ උපදෙස් මත මෙවර ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී නොවන අතර දිගු දුර ධාවන ශූරී නිලානි රත්නායක තරඟ තහනමක් හේතුවෙන්ද , උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක ආබාධ තත්වයක් හේතුවෙන් ද මෙවර තරගාවලියට සහභාගී නොවනු ඇත. “යුපුන් ආවා නම් අපිට අනිවාර්යයෙන් පදක්කම් දෙකක් අරන් දෙනවා. නිලානි සහ උෂාන් කියන්නෙත් පදක්කම් බලාපොරොත්තු තමයි. ඒ නිසා ඔවුන් තිදෙනා නොමැතිවීම අපට ලොකු පාඩුවක්.”යැයි ද පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය. අවසන් වරට පැවැති 2019 වසරේ කටාර් හි පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට දිනා ගත හැකි වූයේ ලෝකඩ පදක්කම් 2ක් පමණි.

එසේම එම තරඟාවලි ඉතිහාසය අනුව ශ්‍රී ලංකාව පදක්කම් 58 ක් දිනා ඇති අතර ඊට රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් ඇතුළත් වෙයි.

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

පිරිමි

අරුණ දර්ශන – මීටර් 400 ,400X4සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

රජිත රාජකරුණා – මීටර් 400 , 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

කාලිංග කුමාරගේ – 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

පබසර නිකූ – 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

පසිඳු කොඩිකාර – 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

කාන්තා

නදීෂා රාමනායක – මීටර් 400, මීටර් 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

ගයන්තිකා අබේරත්න – මීටර් 800 සහ මීටර් 1,500

තරුෂි කරුණාරත්න – මීටර් 800 , 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400ඞ4 සහය දිවීම

සයුරි මෙන්ඩිස් – 400ඞ4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

නිෂේන්ද්‍රා ප්‍රනාන්දු – 400X4 සහය දිවීම සහ මිශ්‍ර මීටර් 400X4 සහය දිවීම

සාරංගි සිල්වා – දුර පැනීම

රන්දි කුරේ – තුන් පිම්ම

නදීෂා ලේකම්ගේ – හෙල්ලය විසිකිරීම
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment