ආසියාවේ ආසියා ශාරුක්

333

ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයා බොලිවුඞ් සුපිරි නළු ශාරුක් ඛාන් බව මහා බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පත සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත. ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියක්වයට පත්වුණු පුද්ගලයන් අදාළ කරගනිමිනි.

‘ඊස්ටර්න් අයි’ පුවත්පත සකස් කළ ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ බොලිවුඩ් සුපිරි නිළි ආලියා භාත් සහ ප්‍රියංකා චොප්රා ය.

advertistmentadvertistment
advertistmentadvertistment