ඇන්ටාක්ටික් අයිස් කඳු දිය වීමෙන් ගෝලීය පැවැත්මට බාධා

233

ඇන්ටාක්ටික් කලාපයේ අයිස් කඳු දිය වී යෑම වේගයෙන් සිදු වීම හේතුවෙන් ලොව පුරා අත්‍යවශ්‍ය උෂ්ණත්වය, ඔක්සිජන්, කාබන් හා මුහුදු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශය පෝෂක ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කරන ගැඹුරු මුහුදු ජල තරංග ගලා යෑම ශීඝ්‍රයෙන් අඩුවන තත්ත්වයක් උද්ගතව ඇති බව ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ලොව පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් සේ සැළකෙන ගැඹුරු මුහුදු ජල තරංග ඇති කිරීමට හේතු වන ගැඹුරු මුහුදේ ජල ප්‍රවාහයන් වසර 2050 වන විට සියයට 40කින් පමණ අඩු වනු ඇතැයි එම විද්‍යාඥයන් කණ්ඩායම විසින් නිකුත් කර ඇති බව සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර තිබේ. මෙසේ ඇන්ටාක්ටික් අයිස් කඳු දිය වීම වේගවත් වීමත් සමගම ගැඹුරු මුහුදු ජල තරංග ගලා යෑම අඩපණ වීම හේතුවෙන් යුරෝපයේ අධික ශීතල කාලගුණ තත්ත්වයක් හටගනු ඇති බවත් මුහුදු ජලයේ ලුණු රස අඩු වනු ඇති බව හා මුහුදු ජලය ඝන වනු ඇති බව අධ්‍යයනය සිදු කළ ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් කණ්ඩායම සඳහන් කර සිටී

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment