ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 7දෙනකුගේ නම්

3457

ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) විසින් 2023 මැයි මාසයේ නිකුත් කරන ලද රතු නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් හත්දෙනකුගේ නම් සඳහන් කොට ඇති අතර ඔවුන්ගෙන් තුන්දෙනකු උතුරේ පුද්ගලයන් බව සනාථ කොට තිබේ.

උතුරේ එම පුද්ගලයන් වන්නේ යාපනයේ නඩරාජා සිවරාජා (49), වවුනියාවේ මුනිසාමි ධර්මසීලන් (50) සහ විග්නරාසා සෙල්වන්තන් (35) යන පුද්ගලයන්ය.

ඔවුන්ගෙන් නඩරාජා සිවරාජා නමැත්තා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට උදව් කළ අයෙකි.

උතුරේ අනෙක් දෙදෙනාට එල්ල වී ඇත්තේ මිනීමැරුම් චෝදනා හා බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාය.

ඔවුන් එම සිද්ධීන්වලින් පසුව ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටවල්වලට පලාගොස් ඇති අතර පොලිස් පරීක්ෂණවලට අනුව ඔවුන් ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් බව තහවුරු කිරීමෙන් පසුව ඉන්ටර්පෝල් පොලිසිය ඔවුන්ගේ නම් රතු නාම ලේඛනයට ඇතුළත් කර ඇත.

ඉන්ටර්පෝල් පොලිසියේ අලුත්ම රතු නිවේදනයේ ලාංකිකයන් හත්දෙනකුගේ නම් සඳහන් වන අතර මුළු ලෝකයේම පුද්ගලයන් 6872 දෙනකුගේ නම් එම නාම ලේඛනයට ඇතුළත් කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment