ඉන්දීය නැව් හයක් මෙරටට එද්දී ගෝඨාභය ජාත්‍යන්තර අධිකරණයට!

30613

මෙරට ඉතිහාසයේ කිසි දිනෙක ඉන්දීය නාවික යාත‍්‍රා සමූහයක් ශ‍්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණ නැත.

එහෙත් ඉන්දියාව පසුගිය 24 දා නාවික යාත‍්‍රා රැසක් කොළඹ ගාල්ල සහ ති‍්‍රකුණාමලයට එවනු ලැබීය.

ද්විපාක්‍ෂික යුද අභ්‍යාස පැවැත්වීම සඳහා මෙම නාවික යාත‍්‍රා කණ්ඩායම මෙරටට එවූ බව ඉන්දීය බලධාරීහු ප‍්‍රකාශ කර තිබුණි.

එහෙත් ඉන්දීය නැව් මෙරටට පැමිණීමේ පසුබිම කුමක්ද?

ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධව පැවසුවේ විශාලතම ඉන්දීය නැව් සමූහයක් ශ‍්‍රී ලංකාවට පැමිණි බවයි.

ෂර්දාර් මාගර් සුජාතා – සුදර්ශිනි – තරංගනී සහ වික‍්‍රම් යන මෙම ඉන්දීය නෞකා සමඟ ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද මෙරටට පැමිණියේය. මෙම යුද නැව්වලින් සුජාතා නැව ත‍්‍රිකුණාමල වරායට සම්ප‍්‍රාප්ත වූයේ නාවිකයන් 139 ක් සමඟය. එම නැව් සමඟ සුදර්ශිනී සහ තරංගනී නෞකා ති‍්‍රකුණාමල වරායට පිවිසියේය. මෙකී ඉන්දීය නැව් ති‍්‍රකුණාමල වරායට එද්දී ෂර්දාර් – සහ මාගර් නැව් කොළඹ වරායට පැමිණ තිබුණි.

ෂර්දාර් නැවේ නාවිකයන් 155 ක්ද මාගර් නැවේ නාවිකයන් 150 ක්ද සිටි බව හෙළිවිය. නිලධාරීන් 75 ක් කැඩෙට් නිලධාරීන් 158 ක් එන් සී සී කැඩෙට් නිලධාරීන් 10 ක් සහ නාවිකයන් 530 ක් මෙම නැව් සමූහයේ සිටී. මෙකී නැව් සමූහය භාරව පැමිණි චවුලා නාවික මෙහෙයුම් භාර ප‍්‍රධානියා යැයි ද හෙළිවිය. මෙම ඉන්දීය යුද නැව් මෙරටට එන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ විවිධ පාර්ශ්ව පොහොර දියව් රසායනික පොහොර ඕනෑ යැයි කියමින් විරෝධතාවල නිරතව සිටියහ. නාවික අභ්‍යාස මෙහෙයවීමේ අරමුණින් පැමිණි බව කියන ඉන්දීය නැව් සමූහය උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය වූ ති‍්‍රකුණාමල වරාය ගාලූ වරාය සහ කොළඹ වරායට පැමිණියේ මන්ද?

එය ඉන්දීය නාවික ක‍්‍රමෝපායයි.

මේ ක‍්‍රමෝපාය සඳහා ඉන්දීය නැව් සමඟ මෙරටට එවූ වයිස් අද්මිරාල් චවුලා බුද්ධි සේවා සහ විදේශ සහයෝගිතා පිළිබඳ නිලධාරියා බවද අනාවරණය විය. මේ අතර ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය ඉන්දීය කලාපය ඉන්දියාවට අතිශයින්ම වැදගත්වන උපායමාර්ගික ප‍්‍රදේශයක් ලෙස හඳුන්වා තිබුණි. ඒ අනුව ඉන්දීය නැව් හතරක් දකුණු චීන මුහුදට සහ වයඹ දිග ශාන්තිකර සාගරය වෙත යවා තිබූ අතර මාස 2 1/2 ක් තිස්සේ එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත විය. මේ අනුව ඉන්දීයාව අනුගමනය කරන්නේ චීන විරෝධි කි‍්‍රයාවලියක් බව තහවුරු වේ. පසුගියදා ඉන්දියාව විසින් ඇමෙරිකාවෙන් ඩ්‍රෝන් යානා මිලයට ගැනීමට ද තීරණයකර තිබුණි. ඉන්දියාව මේ වනවිට ඇමෙරිකාව සමඟ ගුවන් මෙහෙයුම්වල ද නිරතව සිටියි. ඇමෙරිකානු පොසිඩන් නිරීක්‍ෂණ යානාවක් ඉන්දීය සාගර කලාපයේ නිරීක්‍ෂණවල යෙදී සිටින අතර ඉන්දියාව නෙප්චූන් නිරීක්‍ෂණ යාත‍්‍රාව යොදා නිරීක්‍ෂණ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි. මෙවන් පසුබිමක් මැද ඉන්දියාව අනුගමනය කරන්නේ ඉන්ඩියා ඇක්ට් පිළිවෙතයි. මෙලෙස අභ්‍යාස පැවැත්වීමේ මුවාවෙන් ශ‍්‍රී ලංකාවේ වරායන් වෙත විටින්විට යුද නැව් එවීමට ඉන්දියාව කි‍්‍රයාකරන්නේ ඉන්දීය සාගරය වෙත දියත්වී ඇති චීන මෙහෙයුම් ගැන විමර්ශනය කිරීමේ අරමුණෙනි. එය තවදුරටත් සනාථ වන්නේ ඉන්දීය එම්. කේ. හෙලිකොප්ටර් යානාවක් මාලදිවයිනේ කඞ්හු දූපතේ ස්ථානගත කිරීමයි. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ කටයුතු නිරතුරුවම නිරීක්‍ෂණය කරන පුද්ගලයෙක්ද ඉන්දියාවේ සිටී. ඒ අගමැති මෝදිගේ ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ය.

ඩොවොල් මේ වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හමුවී සාකච්ඡුා පවත්වා ඇත. එහෙත් මේ සාකච්ඡුාවල පසුබිම හෙළිවූයේ නැත. ඉන්දීය ලේඛකයකු පසුගියදා පැවසුවේ චීනය ගැන ඉතා සමීපව විමසිල්ලේ සිටීම සඳහා මෙලෙස නාවික අභ්‍යාස මුවාවෙන් නාවික යානා එවීමට ඉන්දියාව ක‍්‍රියාකරන බවයි. මෙයට පෙර ඉන්දීය නාවික යාත‍්‍රා තායිලන්තය වෙතද යාත‍්‍රාකර තිබේ. මේ අතර ද්‍රවිඩ ඩයස්පෝරාව සහ හිටපු කොටි කි‍්‍රයාකාරීන් පිරිසක් මෑතකදී ලන්ඩන් නුවර සාකච්ඡුාවක් පවත්වමින් චීනය ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීම ගැන ඉන්දියාව දැඩි අවධානය යොමුකර නැතැයි චෝදනාකර ඇත.

ඉන් චීනයට ශ‍්‍රී ලංකාවේ ආධිපත්‍යය ගැනීමට ඉන්දියාව ඉඩහැර ඇති බවට ද ද්‍රවිඩ ඩයස්පෝරාව යැයි හඳුන්වාගත් කණ්ඩායම තවදුරටත් දක්වා තිබේ. මෙවන් පසුබිමක් මැද තමිල්නාඩු පොලිස් අධ්‍යක්‍ෂ සයිලේන්ද්‍ර බාබු පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් කොමසාරිස්වරුන් වෙත ලිපි එවමින් හිටපු කොටි චෙන්නායිහි තිරුවන් බුදුර්හි විටින්විට රැස්වෙමින් රැස්වීම් පවත්වන බව අනාවරණය කර ඇත. මෙම අනතුරු ඇඟවීමට පෙර ඉන්දීය ජාතික බුද්ධි සේවාව හිටපු කොටි බුද්ධි ප‍්‍රධානියකුවූ සක්කුනම් හෙවත් සබියා අත්අඩංගුවට ගෙන ඇත.

තමිල්නාඩුවේ වලයක්වක්කම් හි පදිංචිව සිටි සබියාගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ද සොයාගෙන තිබේ. මොහු ගැන සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිවූයේ විශාල මුදල් ප‍්‍රමාණයක් සබියා විසින් උතුරේ සිටින සිය සගයන්ට එවා ඇති බවයි.

එසේම අසල්වැසි ශ‍්‍රී ලංකාවේ චීනුන් සිටීම ඉන්දියාවට තර්ජනයක් නිසා වෙරලබඩ තීරයේ නිරීක්‍ෂණ කටයුතු ආරම්භකර ඇතැයි තමිල්නාඩු පොලිස් අධ්‍යක්‍ෂ ජෙනරාල් සයිලේන්ද්‍ර බාබු වැඩිදුරටත් දක්වා ඇත. මේ අතර ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරන ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙනයෑම සඳහා සිය උපාය මාර්ගික මෙහෙයුම ‘මැන්ඬේට් බලය’ ලෙස නම් කරනු ලැබීය. ඇය ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය යොමුකරන ලෙස සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියත් කිසිදු රටක් ඉදිරිපත් වූයේ නැත. බි‍්‍රතාන්‍ය රජය පැවසුවේ රුසියාව සහ චීනය සිටන තුරු ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික අධිකරණයට යොමුකළ නොහැකි බවයි. හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ ප‍්‍රකාශයක් කරමින් ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුකළ බවට ශ‍්‍රී ලංකාවට එරෙහිව සාක්කි ඉදිරිපත් කරන තුරු කිසිදු පියවරක් ගැනීමට නොහැකි බවය. මේ නිසා මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවට එරෙහි මැන්ඬේට් බලය (බලාධිකාරය) මුවාවෙන් ප‍්‍රකාශයට පත්කළ වාර්තාවේ මෙලෙස දක්වා තිබුණි.

නිසි අධිකරණ බලයක් සහිත සාමාජික රටවල් ඇතුළත්ව අධිකරණ සහ වෙනත් කි‍්‍රයාපටිපාටිවලට සහය දීම. එහි අර්ථය නම් එකතුකර ගනු ලබන සාක්‍ෂි ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකිරීමයි. ඒ අනුව අන්තර්ජාතික අධිකරණයට ශ‍්‍රී ලංකාව ගැන විමර්ශන ඇරඹීමට පෙර ඇමෙරිකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට අන්තර්ජාතික අධිකරණය තීරණය කළ විට එම අධිකරණ නිලධාරීන්ගේ වත්කම් තහනම් කිරීමට හිටපු ජනපති ට‍්‍රම්ප් කි‍්‍රයාකළේය.

මෙවන් පසුබිමක් මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ තවදුරටත් දක්වන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි සාක්‍ෂි එකතු කිරීම ශ‍්‍රී ලංකාවේ කිසියම් භූමි ප‍්‍රදේශයකට සීමානොවන බවයි.

ඉන් ඇය කියා සිටින්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි සාක්කි ඇමෙරිකාවෙන් හෝ යුරෝපයෙන් සහ ඕනෑම රටකින් ලබාගන්නා බවයි. මින් තහවුරු වන්නේ විදේශ රටවල සිටින කොටි කි‍්‍රයාකාරීන්ගෙන්ද සාක්‍ෂි එකතු කිරීමට කටයුතු කරන බවයි. එහෙත් මේවනවිට එකතුකර ඇති 12000 ක සාක්‍ෂිකරුවන් කවුදැයි ඇය හෙළිකර නැත. මේ පිළිබඳව විදේශ ඇමැති ජී එල් පීරිස් පවසන්නේ එම සාක්‍ෂිකරුවන් ගැන ශ‍්‍රී ලංකාවට දැනගැනීමට අවශ්‍ය බවයි. එහෙත් එම සාක්‍ෂිකරුවන් හෙළිකරන ලෙස රජය මිචෙලි බැෂලේට අභියෝගකර නැත. ජිනීවා ඉහළපෙළේ ආරංචි මාර්ග පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරිය මේ සාක්‍ෂිකරුවන් හෙළිනොකරන අතර වසර 30කට පසු සාක්‍ෂිකරුවන් හෙළිවීමට ඉඩ ඇති බවයි. මේ පසුබිම මැද රජය මානව හිමිකම් කොමසාරිස්වරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කළත් ඇය මෙතෙක් ඊට ප‍්‍රතිචාරය දක්වා නොමැත.

එසේම ශ‍්‍රී ලංකාවට එරෙහි සාක්‍ෂි එකතුකිරීමේ වගවීමේ කි‍්‍රයාවලිය ස්වාධීන කොමිෂන් සභාවලට වඩා වෙනස් වේ. මේ හැර සාක්‍ෂි සොයාගැනීම් සඳහා අදාළ ස්ථානවලට පිවිසීම පිණිස ශ‍්‍රී ලංකාව සමඟ සම්බන්ධ වනබවද මානව හිමිකම් කොමසාරිස්වරිය දක්වා ඇත. ඉන්දු කාශ්මීරයේදී ඉන්දීය හමුදා භටයන්ට එල්ල වූ චෝදනා ගැන සාක්‍ෂි එකතු කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය අවසර ඉල්ලූවිට ඉන්දීය රජය ඊට එකඟ වූයේ නැත.

එසේනම් ශ‍්‍රී ලංකාව ඊට ඉඩදිය යුතුද?

මේ අතර 2022 සැප්තැම්බර් මාසය දක්වා මෙම වගවීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මකවන අතර එය නතර වන්නේ කවර දිනක දැයි හෙළිවී නැත. එසේම මානව හිමිකම් කොමසාරිස්ගේ මැන්ඬේට් බලයේ අවසාන දිනයක්ද නැත. එය තහවුරු වන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි යද අපරාධ චෝදනා 2022 සැප්තැම්බර් මානව හිමිකම් සමුළුවෙන් පසු දිගට ම ගෙන යෑමට කි‍්‍රයා කිරීමයි.

මෙලෙස ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව වගවීමේ කි‍්‍රයාදාමය ලෙස කි‍්‍රයාත්මකවන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට විරුද්ධව ජිනීවාහි දේශපාලකයන්ද මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් කිරීමේ යෙදී සිටින අතර ඔවුන් සෑම මානව හිමිකම් සමුළු හතරකදී ඩොලර් 10000 ක මුදලක් උපයන බව හෙළිවී ඇත. මානව හිමිකම් කවුන්සිලයට බලපෑම් එල්ල කරන ස්විස් දේශපාලකයන්ගේ සංඛ්‍යාව ගතවූ වසර දෙකතුළ සියයට 20 කින් වැඩිවී ඇත. ඇමෙරිකානු ජනපති ජෝබයිඩන් පසුගිය සතියේ ජාත්‍යන්තර යුක්තිය සඳහා ඇමෙරිකානු තානාපතිනි ලෙස ඩැත් වැන් ෂිහාක් නැමැත්තිය පත්කර තිබේ. ඇය ශ‍්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරිනියකි. මේ අතර පසුගිය සතියේ දිනෙක ස්කොට්ලන්තයේ හැරල්ඞ් පුවත්පත පිටුවක් පුරා ප‍්‍රචාරක දැන්වීමක් පළකරමින් ජනපති ගෝඨාභය රාජපක්‍ෂට අවමන්වන ලෙසින් කි‍්‍රයාකර ඇත. මෙය රටක රාජ්‍ය නායකයකු ජාත්‍යන්තර ප‍්‍රජාව අතර අපකීර්තියට ලක්කිරීමමකි. මෙම දැන්වීම් පිටුව ලන්ඩනයේ සිට පළවන ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ පළවිය. මේ අයුරින් ශ‍්‍රී ලංකාවේ පුවත්පතකට හෝ ස්කොට්ලන්ත හැරල්ඞ් පුවත්පතට බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්ස්ටන් යුද අපරාධකරුවකු ලෙස ප‍්‍රකාශයට පත්කළ හැකිද? මෙම දැන්වීම ගැන ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ දක්වාම විරෝධය දක්වා නැත. මෙම අවමන් සහගත ප‍්‍රචාර දැක්වීමෙන් ද්‍රවිඩයන් 146729 ක් අතුරුදන් වීමට සහ 40000 ක් මරුමුවට පත්වීමටත් වගකිවයුත්තේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ බවට දක්වා තිබුණි. ගෝඨාභය රාජපක්‍ෂ ඔබේ නගරයට පැමිණෙයි යනුවෙන් පළකර ඇති මෙම දැන්වීමෙන් ශ‍්‍රී ලංකාව තුළ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුවන බවද සඳහන් කර ඇත. මේ පසුබිම මැද රහස් පොලිසිය එම දැන්වීම ප‍්‍රචාරය කළ ලන්ඩන් නුවර කොටිඩයස්පෝරා පුවත්පතවූ ටැමිල් ගාඩියන් වෙබ් පුවත්පත පිටුව අක‍්‍රිය කරන ලෙස ඉන්ස්ට‍්‍රග‍්‍රෑම් ආයතනයට දැනුම් දුන්නේය. කැනඩාවේ කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරී කැනඩාවේ බ‍්‍රැම්ප්ටන් නගරාධිපති පැට්රික් බුවුන් ද ටැමිල් ගාඩියන් වෙබ් පිටුව අකි‍්‍රය කිරීම ගැන කෝපයට පත්වී පැවැසුවේ එය පිළිගත නොහැකි බවයි. 2015 දෙසැම්බර් 23 වැනිදා පුවත්පතකට ප‍්‍රකාශයක් කරමින් සුරේන් රාගවන් මෙලෙස පවසා තිබුණි. එසේම කැනඩා අගමැති ටෘඩෝ මෙහෙයවන්නේ කොටි හිතවාදී ගැරි ආනන්ද සංගරීය. ගැරී ආනන්ද සංගරි යහපාලන රජය සමයේ යාපනයට පැමිණ ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු බව ප‍්‍රසිද්ධියේ පැවසුවේය. මේ හැර කොටි ජාත්‍යන්තර අවි ජාලයේ ප‍්‍රධානී සංගිලිට දේශපාලන රැකවරණ ලබාදීමට කැනඩා රජය කි‍්‍රයාකළේය. මෙයට අමතරව කොළඹට බෝම්බ දැමූ කොටි ගුවන් නියමුවන් දෙදෙනා කැනඩාවේ පුහුණුව ලැබූවන් බවද අනාවරණය විය. මේ තත්ත්වය මත කැනඩාවේ සිටින වත්මන් ශ‍්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න කවුද? ඔහු සටන් විරාම ගිවිසුමට දායක වූවෙකි. මේ අතීතය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්වූ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ දන්නේද?

සහරාන් ඊශ‍්‍රායල් මොසාඞ් ඒජන්තයකු ලෙස හැඳින්වීම

මේ අතර පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරිකයාවූ සහරාන් ඊශ‍්‍රායල් මොසෑඞ් බුද්ධි සේවාවේ ඒජන්තවරයකු ලෙස නම් කිරීමේ සිද්ධියක් හෙළිවිය. මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් නැමැත්තා එලෙස සහරාන් ඊශ‍්‍රායල් ඒජන්තයකු කර තිබේ. සහරාන් 2018 ඔක්තෝබර් 10 දා ෆේස්බුක්හි සටහනක් තබමින් පක්නම් බින් අවු ඉන්දීය බුද්ධි සේවා ඒජන්තවරයකු ලෙස හඳුන්වා ඇත. එහෙත් ඔක්තෝබර් 11 දා පක්නම් නැමැත්තා සහරාන් ඊශ‍්‍රායල් ඒජන්තවරයකු ලෙස හඳුන්වා තිබේ. එහෙත් අත්අඩංගුවේ සිටින 300කට අධික අන්තවාදීන් සහරාන් ඊශ‍්‍රායල් ඒජන්තවරයකු ලෙස හඳුන්වා නැත. මේ වනවිට මෙරට අයි එස් අන්තවාදීන් 712ක් ත‍්‍රස්ත මර්දන පොලිසිය සොයාගෙන තිබේ. මෙයට පෙර රිජීව් ගාන්ධි ඝාතනය කළේ ඊශ‍්‍රායල් මොසෑඞ් සංවිධානය බවට ප‍්‍රචාරය විය. ප‍්‍රභාකරන්ද ප‍්‍රකාශයක් කරමින් ගාන්ධි ඝාතනය හමාස් සංවිධානයේ වැඩක් බව කීවේය. එහෙත් තමිල්නාඩු විශේෂ විමර්ශන ඒකකයේ ප‍්‍රධානි බී කාර්තිකේසන් සාක්‍ෂි සහිතව ගාන්ධි ඝාතනය ප‍්‍රභාකරන් කළ දෙයක් බව තහවුරු කළේය. මේ පසුබිම මැද මුස්ලිම් කොංග‍්‍රසයට සියලූම ඝාතනයන ඊශ‍්‍රායල් මොසෑඞ් කි‍්‍රයාදාමයන් වේ.

ආර් පේ‍්‍රමදාස මොසෑඞ් කොමිසමක්ද පත්කළ අතර ඊශ‍්‍රායලය ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත කටයුතුවලට මැදිහත්වන බවට කිසිදු සාක්‍ෂියක් එම කොමිසමට සොයාගැනීමට නොහැකිවිය. එසේ නම් රවුෆ් හකීම් පාස්කු ප‍්‍රහාරයට ඊශ‍්‍රායල් මොසෑඞ් සම්බන්ධ බවට දක්වන්නේ අන්තවාදීන් බේරාගැනීමටද?

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගෙන් කිසිවෙකු අද දක්වාම ප‍්‍රහාරය මොසෑඞ් සබඳතාවයක් හෙළිකර නොමැත. මේ අතර බුද්ධි අංශ ප‍්‍රධානි සැලේගේ පැමිණිල්ල මත රහස් පොලිසිය සිරිල් ගාමිණි පියනම ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති අතර ප‍්‍රකාශයක් කිරීම සඳහා කල් ඉල්ලා තිබේ.

සිරිල් ගාමිණි පියනම සැලේට එරෙහිව විදේශ රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතා කළ ප‍්‍රකාශය බි‍්‍රතාන්‍යයේ සිට විකාශනයවන මඩ වෙබ් අඩවි දෙකක පළවී තිබුණි. එසේම මේ සතියේ දිනෙක ප‍්‍රංශයේ පැරිස් නුවරදී කොටි දෙදෙනකු සැමරීමේ උත්සවයක් පැවැත්විණි.

ඉන්දීය නැව් හයක් මෙරටට එද්දී ගෝඨාභය ජාත්‍යන්තර අධිකරණයට!

එහිදී කොටින්ගේ ගුණ වයමින් දේශනයක් පවත්වන ලද්දේ ජිනීවා මානව හිමිකම් සමුළුවලට පැමිණෙන එස් ඒ කිරුබාහරන් නැමැති කොටි හිතවාදියායි. මොහු ජිනීවාවලදී හැසිරෙන්නේ තමා කොටියකු නොවන බව දක්වමිනි. එහෙත් මොහුගේ වෙස් මුහුණ ගැලවිණි. මේ පසුබිම මැද ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර සමුළුවට ගිය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවමන්වන ලෙසින් එරට පාර්ලිමේන්තුව, කටුගෙය සහ වෙනත් ප‍්‍රසිද්ධ ස්ථාන නියෝන් ආලෝකධාරා යොදවමින් ද්‍රවිඩ සමූල ඝාතන චෝදනා එල්ල කර තිබුණි. මේ දීන කි‍්‍රයාව සඳහා ස්කොට් රජය අවසර දී තිබූ බව හෙළිවිය. මේ අතර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ග්ලාසගෝ නුවරට පැමිණි අවස්ථාවේ කොටි ඩයස්පෝරාව ග්ලෝබල් ටයිම්ස් සංවිධානය ලවා ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ලක් කර ඇත. මෙම පැමිණිල්ලේ සඳහන් වූයේ ගෝඨාභය, කමල් ගුණරත්න ඇතුළු හමුදා ප‍්‍රධානීන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ ඉල්ලීමට සහය දැක්වීමක් ලෙස ස්කෝට්ලන්ත හැරල්ඞ් පුවත්පතේ පළ වූයේ ගා්ඨාභය සමග පැමිණි යුද අපරාධකරුවන් ද ස්කොට් පොලිසිය සොයා බැලිය යුතු බවයි.

ගෝඨාභය නතරවී සිටි හෝටලය කොටි වටකරති

ඉන්දීය නැව් හයක් මෙරටට එද්දී ගෝඨාභය ජාත්‍යන්තර අධිකරණයට!

හිටපු කොටි ත‍්‍රස්තවාදීහු ජනපති නතරවී සිටි ස්කොට්ලන්තයේ ඩටල්ටී‍්‍ර හිල්ටන් හෝටලය වටලද්දී පොලිසිය ඔවුන්ව විසුරුවා හැරියේ නැත.

ජනපති ගෝඨාභය අත්අඩංගුවට ගන්නා ලෙස මාරාවේශයෙන් කෑගසමින් එම හිටපු කොටි ත‍්‍රස්තයෝ හෝටලයේ දොරටුව ද අවහිර කළහ. පසුව අමතර පොලිස් කණ්ඩායමක් ගෙන්වා ජනපති රාජපක්‍ෂව දේශගුණික සමුළුවට යෑම සඳහා පොලිසිය කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment