ඉන්ධන ආනයනයේදී පකිස්ථාන චීන වෙළෙඳ ගිවිසුම කඩවී ඇතැයි චෝදනා

307


පකිස්ථානය චීනයෙන් පෙට‍්‍රල් ආනයනය කිරීමේදී දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම උල්ලංඝණය වී ඇතැයි කියා එල්ලවී අති චෝදනා ගැන සෙවීමට පකිස්තාන රජය පියවර ගෙන ඇත.ඒ අනුව පකිස්තාන රජය එරට සියලුම ඉන්ධන වෙළෙඳ සමාගම් වලින් චීනයෙන් තෙල් ආනයනයට අදාල තොරතුරු ඉල්ලා ඇත.2019 වසරේ සිට පකිස්තානය සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇත.ඒ අනුව ඉන්ධන ආනයනයේදී එම ගිවිසුම උල්ලංඝණය කරමින් බදු වංචාවක් සිදුව ඇති දැයි කියා සෙවීමට පියවර ගෙන තිබේ.මැද පෙරදිග රටවලින් ඉන්ධන ආනයනයේදී සියයට 10ක ආනයන බද්දක් අයකරයි.නමුත් චීනයෙන් ආනයනය කරන විට පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාලව එම බද්ද අය නොකෙරේ.එසේ තිබියදී චීනයෙන් ආනයනයකරන ඉන්ධන සඳහා වැය වන මුදල මැදපෙරදිගින් ආනයනය කිරීමට වඩා වැඩි යැයි වාර්තාවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment