ඉන්ධන තුනක මිල පහළට

1405

ඉන්ධන වර්ග තුනක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 9 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කර ඇත.එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 447 ක්, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 257 ක් වේ.ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371 ක සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතී. මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම්ද මීට සමානව සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment