උසාවි නියෝගය අනුව භාර වූ ලේකම්ට ඇප දෙකක්

217

අභියාචනාධිකරණය විසින් පෙරේදා (31) කරන ලද නියෝගය අනුව ඊයේ (01 දා) නීතිඥවරුන් මගින් අධිකරණය හමුවේ පෙනී සිටි කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා රුපියල් 50,000 ක මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හොරණ දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා නියෝග කළේය.

මින් ඉදිරියට නඩුව කැඳවන සෑම දිනකදීම අධිකරණය හමුවේ පෙනී සිටීමට වගබලා ගන්නා ලෙසට සැකකාර අමාත්‍යාංශ ලේකම්වරයාට අවවාද කළ දිසා විනිසුරුවරයා නඩුවට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය කැඳවන සෑම දිනකම පෙනී සිට විමර්ශනවලට සහාය දක්වන ලෙසට ද අවවාද කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment