එක් දින තරග කොළඹින් නුවර යයි

185

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග තුන මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන 30 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් එක් ටෙස්ට් තරගයකට සහභාගි වන අතර එම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 02 වැනිදා සිට පැවැත්වේ.

ලබන 09 වැනිදා, 11 වැනිදා සහ 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ එක් දින ජාත්‍යන්තර තරග තුන ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වෙත ගෙන ගොස් ඇත.

පන්දු වාර විස්සයි විස්ස තරග තුන සුපුරුදු පරිදි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment