එන්න අපි ‘අමල්’ සමග කි. මී. 8000 ක් ඇවිද යමු..!

627

ගෝලීය මානුෂීය අර්බුදයට මුහුණ පා සිටින සාමාන්‍ය මිනිසුන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය, සරණාගතයින්ගේ දුක්ඛිත තත්ත්වය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන සීමා මායිම් නොසලකා හැරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීමේ දැක්මකින් යුතුව සහ ජාත්‍යන්තර කොවිඞ් තහනමට පවා මුහුණදෙමින් ගමන් ගන්නා පා ගමනක් මේ දිනවල පැවැත්වේ. එම පාගමන මෙම වසරේ ජුලි සිට නොවැම්බර් දක්වා දේශසීමා තරණය කරමින් ගමන් කරයි.

යුද්ධය නිසා අවතැන් වු ඇලෙප්පෝ නගරයේ සිටි සිරියානු සරණාගතයකු වන කුඩා අමල්ගේ වයස අවුරුදු නමයක් විය. ආහාර සෙවීමට ගොස් ආපසු නොපැමිණි ඇයව ඇගේ මව සෙව්වේය. මේ කුඩා දැරියගේ චරිතය රූකඩයක් ලෙස නිර්මාණය වී දැන් කි. මි. 8000 ක සංචාරයකට යොමු වී ඇත. මේගමන නියෝජනය කරන්නේ මිලියන ගණනක් තරුණ සරණාගතයින් සහ තම නිවෙස් හැරයෑමට සිදු වී අන්ත අසරණ භාවයට පත්වී ඇති කුඩා ළමුන්ය.

එන්න අපි 'අමල්’ සමග කි. මී. 8000 ක් ඇවිද යමු..!
මල් කුඩා දරුවන් සමග

සරණාගතයින් යනු කව්ද?

  • සරණාගතයෙකු යනු අනතුරක සිටින හෙයින් තම රට හැර යෑමට සිදු වූ පුද්ගලයෙකි. මෙය යුද්ධයක් නිසා විය හැකිය. ඔවුන්ගේ ගැලවීම ඔවුන්ම සොයාගත යුතුව ඇත.
  • තම රට හැරයන සරණාගතයින් ආරක්‍ෂාව සඳහා බොහෝ විට කාර්, ලොරි, බෝට්ටු උපයෝගී කරගන්නා අතර සමහර විට කිලෝ මීටර් සිය දහස් ගණනක් පයින් ගමන් කරයි.
  • බොහෝ විට සරණාගතයින් එක් රැුස් වෙන්නේ සරණාගත කඳවුරු ලෙස හැඳින්වෙන ස්ථානවල වන අතර ඒවා දහස් ගණන් මිනිසුන් සිටින යෝධ කඳවුරු වන අතර බොහෝ විට ඔවුන් දුප්පත් තත්ත්වයක් යටතේ එහි ජීවත් වෙති.
  • සමහර සරණාගත කඳවුරුවල ජීවිතය බොහේ කටුකය. කෑම බීම හිගය. ඔවුන්ගේ කූඩාරම් හෝ තාවකාලික මඩු මහ වැස්සට තෙමේ. සෞඛ්‍ය පහසුකම් අවමය. වැසිකිළි පහසුකම් ඉතා අල්පය ඒහි ජීවිතය අන්ත අසරණය. දුක්ඛිතය.

සරණාගතයින් ගැන ලෝකයේ අවධානය යොමු කර වීම සඳහා දකුණු අප‍්‍රිකාවේ හෑන්ඞ්ස්ප‍්‍රිං රූකඩ සමාගම මගින් ‘‘අමල්’’ නමින් මෙම රූකඩය නිපදවා ඇති අතර එය තුර්කියේ සිට එක්සත් රාජධානිය දක්වා සැතපුම් 8000 ක දුරක් පයින් ගමන් කරනු ඇත. ළමා සරණාගතයින් මුහුණදෙන දුෂ්කරතා පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක කොටසක් ලෙස සැලසුම් කර ඇති අඩි 12 ක් උස මෙම රූඩකය තුර්කියේ සිට ග‍්‍රීසිය, ඉතාලිය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බෙල්ජියම, සහ අවසානයේ එක්සත් රාජධානියට (එංගලන්තයට* ළ`ගාවන අතර මෙම කුඩා ‘‘අමල්ගේ’’ පාගමන 2021 නොවැම්බර් 3 වැනිදා එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී අවසන් වේ.

එන්න අපි 'අමල්’ සමග කි. මී. 8000 ක් ඇවිද යමු..!
අමල් රූකඩයේ කලා අධ්‍යක්‍ෂ අමීර් නිසාර්, සූආබි රූකඩය නිම කරමින්

දකුණු අප‍්‍රිකාවේ හෑන්ඞ්ස්ප‍්‍රිං රූකඩ සමාගමේ (Handspring Puppet Company බැසිල් ජෝන්ස් සහ ඒඩි‍්‍රයන් කොලර් විසින් මෙය නිර්මාණය කරන ලදී. ‘‘සරණාගතයින්ගේ කතාව අපේ කාලයේ විශාල ප‍්‍රශ්නයක්’’ බව කොලර් පැවසූවේ මේ ව්‍යාපෘතිය කිරීම ගැන අදහස් දක්වමිනි. මෙම ‘‘අමල් රූකඩය’’ ගමන් කරවීම සඳහා තරුණ රූකඩ ශිල්පීන් නමදෙනෙකු සහාය වේ. ඇගේ ශරීරය තුළ ගමන් කරන්නා සිටිනු ඇත. එක් අතකට එක් අයෙක් බැගින් සිට අත් සෙළවීම කරයි. සංකීර්ණ නූල් පද්ධතියක් මගින් අමල්ගේ මුහුණේ ඉරියව් පාලනය කරයි. පරිගණක තාක්‍ෂණය මගින් ඇස් චලනය වීම සිදු කරයි. ඇගේ දෑස් පහත් කිරීම සහ ඇගේ දෑත් සුන්දර ලෙස නැමීම තුළින් ඇය කම්පනය, ලැජ්ජාව, කුතුහලය ප‍්‍රකාශ කරයි.

ගිලියන් ඇන්ඩර්සන්, අනීෂ් කපූර්, ගැරී ලිනෙකර් සහ විචටෙල් එජියෝෆෝර් ඇතුළු ප‍්‍රසිද්ධ පුද්ගලයින් ඇය පාරට බැසීමට පෙරසිටම ප‍්‍රසිද්ධ තානාපතිවරුන් ලෙස අත්සන් තැබීමෙන් මෙය ප‍්‍රසිද්ධියට පත්විය. කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති වු දේශ සීමා වසාදැමීම නිසා මෙය මාස 4 ක කාලයකට කල්දැමීමටද සිදුවිය. අධ්‍යක්‍ෂ ස්ටීවන් ඩෝල්ඩි‍්‍ර, චිත‍්‍රපට නිෂ්පාදක ටේ‍්‍රසි සීවර්ඞ් සහ ඬේවිඞ් ලෑන් සහ ගුඞ් චෑන්ස් සමාගම මෙහි ප‍්‍රධාන මොළකරුවන් හා නිෂ්පාදකයින්ය. පුංචි අමල්ගේ නිර්මාණ කතාව ආරම්භ වන්නේ ‘‘කැලේස්’’ නම් සරණාගත කඳවුර තුළ 2015 දීය.

විශාල කූඩාරම් නගර පිළිබඳ ප‍්‍රවෘත්ති පැතිරයත්ම ස්වේච්ඡුා සේවකයින් උතුරු ප‍්‍රංශ වරාය වෙත රොක් වුයේ එක්සත් රාජධානිය වෙත යන මාර්ගය හරහා මාරුවීමට බලාපොරොත්තුවෙන් එහි කඳවුරු බැඳගෙන සිටින 10,000 ක් පමණ වු සරණාගතයින්ට කෙසේ උපකාර කළ හැකිදැයි බැලීමටය. පුංචි අමල්ගේ නිෂ්පාදකයින් සතර දෙනාට එය සංවේදී දිනයක් විය. ‘‘මම එහි ගිය දිනය මගේ ජීවිතය වෙනස් කළා. මම පුළුවන් වෙලාවක තීරණය කළා මට කරන්න පුළුවන් උදව්වක් කරන්න ඕන කියලා.’’ යි ට්රේසි සීවර්ඞ් පැවසීය. සරණාගත කඳවුරට ගිය සියලූම කලාකරුවන් මුහුණ දුන් ප‍්‍රශ්නය නම් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී මුදල් දීම කර ඔවුන්ගේ විශේෂ ශක්තියෙන් ප‍්‍රයෝජනයට ගැනීමට ඔවුන්ට කුමක් කළ හැකිද යන්නයි. ‘‘අමල්’’ එහි ප‍්‍රතිඵලයකි.

එන්න අපි 'අමල්’ සමග කි. මී. 8000 ක් ඇවිද යමු..!
අමල් ගේ ගමන් මාර්ගය

‘‘පාගමන The Walk’’ ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතියේ සටන් පාඨය වන්නේ ‘‘අපගැන අමතක නොකරන්න Don’t Forget About Us යන්නයි. ‘‘සරණාගතයින්ගේ දුෂ්කර අවස්ථාවලට වඩා සරණාගතයින්ගේ හැකියාවන් ඉස්මතු කිරීමත් අපගේ අරමුණක්’’ බව මෙම ව්‍යාපෘතියේ කලා අධ්‍යක්‍ෂ පලස්තීන ජාතික අමීර් නිසාර් සුඅබි පවසයි.

සිරියානු සිවිල් යුද්ධය නිලවශයෙන් ආරම්භ වුයේ මීට වසර 10 කට පමණ පෙරවන අතර එතැන් සිට රටතුළ සිදු වූ කුරිරු ගැටුම්වලින් පවුල් පීඩා වින්දේය. සිරියානුවන්ගෙන් මිලියන 6.8 කට පමණ දැන් සරණාගතයින් ලෙස තම නිවෙස් හැරදා වෙනත් රටවලට සංක‍්‍රමණය වී ඇති අතර තවත් මිලියන 6.7 ක ජනතාවගේ නිවෙස් යුද්ධය නිසා විනාශ වීම හේතුවෙන් සිරියාව තුළම ඉතා දුප්පත්කමින් ජීවත්වීමට සිදු වී තිබේ. එය රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් වන අතර සිරියානු සරණාගත අර්බුදයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ හරි අඩක් පමණ ළමයින්ය. මේ ‘‘අමල්’’ ඔවුන්ව නියෝජනය කරයි.

තුර්කි – සිරියානු දේශසීමාවේ සිට අමල් සිය රූකඩ ශිල්පීන් සමග හිරු බැසයෑම නරඹමින් සිය ගමනේ පළමු කොටස අවසන් කළ අතර, සිරියාවේ ගායකයින්ගේ සමුගැනීමේ සංගීත ප‍්‍රසංගයකින් එදින උත්සවය අවසන්විය. ඊළග ගමනේදී අමල් ග‍්‍රීසියට ගියේය. අමල් සංචාරය කරන සෑම නගර 70 කම සරණාගතයින්ට ආධාර කිරීම සඳහා සංගීත නැටුම් හා රගහල් උත්සව පැවැත්වේ. දැනටමත් මෙම වෝක් ව්‍යාපෘතියට ගමනේ වියදම් සඳහා පවුම් 30,000 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇත. තවත් ආධාර ලැබෙමින් පවතී.

‘‘සරණාගතයින් සඳහා ආහාර හා බ්ලැන්කට් සහ සෞඛ්‍ය සඳහා බෙහෙත් ආදිය අවශ්‍ය බවත් ඔවුන්ට ගෞරවය සඳහා ලෝකය තුළින් හඩක්ද අවශ්‍යයි.’’ යනුවෙන් එහි කලා අධ්‍යක්‍ෂ පලස්තීන ජාතික අමීර් නිසාර් සුආබි පැවසීය.

රෝමය, ජිනීවා සහ ස්ට‍්‍රැස්බර්ග් හරහා සංචාරය කිරීමෙන් පසු අමල් ජර්මනියට පැමිණේ. 2021 ඔක්තෝබර් 1 සිට 3 දක්වා ඇය ස්ටුට්ගාර්ට්, කොලෝන් හා රෙක්ලිං හවුස්හි නැවතී සිටින්නීය. පාගමන පුරාම ප‍්‍රාදේශීය කලාකරුවන් විසින් සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමෙන් ද ප‍්‍රජාවන් විසින්ද කුඩා අමල් පිළිගනු ඇත. වසංගත තත්ත්වයක් යටතේ වුවද මෙවැනි දස්කම් දැක්වීම සුවිශේෂී අභියෝගයක් බව ජර්මනියේ රූකඩ ශිල්පියකු වන ෆේබියන් සිවාල්ඞ් පැවසීය. කොලෝන් හි ආර්ට් ඒසිල් සංගමය විසින් යුද්ධය අත්විඳ ඇති. වැඩිහිටියන් සහ අමල් අතර හමුවක් සංවිධානය කර ඇති අතර, රෙක්ලිංහවුස්හිදී ප‍්‍රදේශයේ වැසියන් සහ රූර්ෆෙස්ට්ස්පීල් රෙක්ලිංහවුස් විසින් පිළිගැනීමේ වීදියක් අමල් වෙනුවෙන් විවර කරනු ඇත.

ඔපෙරා හවුස්, ප‍්‍රසංග ශාලා, ආසන දෙව් මැදුරු, මුස්ලිම් පල්ලි, පාලම්, තටාක, සුසාන භූමි දක්වා වු සෑම දෙයක්ම අමල් වටා එක්වනු ඇත. ඉතාලි නගරයේ බාරි හිදී ඇයට පැස්ටා හැදීමට උගන්නු ඇත. මුහුදේදී මියගිය සියලූ සරණාගතයින් සැමරීම සඳහා ප‍්‍රංශ මාර්සෙයිල් වරායේදී ‘අමල්’ සිය ගණන් නර්තන ශිල්පීන් සම`ග ජීවිතාරක්‍ෂක කබා පැළඳ සිටිනු ඇත. ලන්ඩනයේදී ඇය ‘‘V සහ A කෞතුකාගාරයේ’’ පැවැත්වෙන සාදයේදී නගරය පුරා සිටින දරුවන් සමග ඇගේ 10 වන උපන් දිනය සමරනු ඇත. එංගලන්තයේ මැන්චෙස්ටර් උදානයේ පැවැත්වෙන අති විශාල උත්සවයකදී ඇය සිය ගමන අවසන් කරන්නීය.

මුළු මහාද්වීපයේම පුළුල් වේදිකාවක් හරහා කුඩා අමල් තම මව සොයන අතර නගර සහ ගම්වල නැවතී ‘‘අප අමතක නොකරන්න’’ යන පණිවිඩය ප‍්‍රවර්ධනය කරනු ඇත.

(ඡායාරූප අන්තර්ජාලයෙන්)

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment