‘එයා දැන් බැඳලා’ මුලින් තිබේබේ සිනමා තිරපිටපතක් ලෙස…

967

20 වසරකට පසු ටෙලි නාට්‍යක් හැදූ ප‍්‍රසන්න කියයි…

අනූව දශකයේදී වේදිකාගත වූ ‘‘සෙවනැලි සහ මිනිස්සු’’ වේදිකා නාට්‍යයෙන් රටක් හඳුනා ගන්නා ප‍්‍රසන්න ජයකොඩි ඉනික්බිතිව සිනමාව සහ ටෙලි නාට්‍ය යන අනෙකුත් කලා මාධ්‍යන් තුළද සිය නිර්මාණ ප‍්‍රතිභාව සළකුණු කළ සම්මානීය නිර්මාණකරුවෙකි. ලාංකේය සිනමාව ලෝක මට්ටමින් සම්මානයට පාත‍්‍ර කිරීමටද ඔහුගේ සිනමා නිර්මාණ කිහිපයකට හැකි වූ අතර ජාත්‍යන්තර ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උළෙලයන්හි සම්මානිත වූ මෙරට සිටින සිනමා අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන් කෙනකු වන්නේද ප‍්‍රසන්න ජයකොඩිය. ඉමදිය මංකඩ, සඳ අමාවකයි, හද විල සක්මන, නිසල විල ආදී ටෙලි නිර්මාණ තුළින් පේ‍්‍රක්ෂක සන්තානයේ ලැගුම්ගත් ප‍්‍රසන්න ඉකුත් විසිතුන් වසරක් මුළුල්ලේම පුංචි තිරයට ටෙලි නාට්‍යක් නිර්මාණය කළේ නැත. දැන් ඔහු එම නිහැඬියාව බිඳ ඇත්තේ ‘‘එයා දැන් බැඳලා’’ ටෙලි නාට්‍ය නිර්මාණයත් සමගය. දශක දෙකක් වැනි කාලයක් පුංචි තිරයෙන් ඈත්ව සිටි ප‍්‍රසන්න ජයකොඩි නැවත ටෙලි නාට්‍ය දෙසට හැරුණේ අයි. අපි ඔහුගෙන් අසමු…

'එයා දැන් බැඳලා' මුලින් තිබේබේ සිනමා තිරපිටපතක් ලෙස...

පහුගිය කොරෝනා වසංගත කාලයේ මම සිනමා නිර්මාණයක් කරමින් සිටියේ. ඒ කාලයේදී මගේ අතින් තවත් චිත‍්‍රපට දෙකක තිර පිටපත් සම්පූර්ණ වෙමින් තිබුණා. හැබැයි පහුගිය කාලේ වෙනකොට සිනමාව අයේ කරගන්න බැරිවෙයිද කියන තත්ත්වයක් අපි ඉස්සරහ තිබුණා. ඒත් අපිට අපේ ප‍්‍රකාශන කොයි විදියකින් හෝ පිට දාන්න ඕන. ඒක නිසා තමයි ආයෙත් ටෙලි නාට්‍යක් කරන්න ඕන කියන අදහස ආවේ. ‘‘එයා දැන් බැඳලා’’ කියන නම සහ ඒකෙ ආකෘතිය ටෙලි නාට්‍ය ස්වරූපයට වෙනස් කරගත්තට ඇත්තටම මම මේක චිත‍්‍රපටයකට කරපු පිටපතක්.

'එයා දැන් බැඳලා' මුලින් තිබේබේ සිනමා තිරපිටපතක් ලෙස...

පිටපත ලියැවෙන්නෙ කොයි කාලෙද?

වසර හතර පහකට පෙර මම මේ පිටපත ලිව්වෙ. හැබැයි මම මේක ටෙලි නාට්‍යට ගන්න හිතුවම නැවත මම මේ පිටපත වැඩිදියුණු කරල වෙනස් කරල ලිව්වා. මොකද ටෙලි නාට්‍ය නම් ටෙලි නාට්‍ය වෙන්න ඕන. ෆිල්ම් පිටපත් නම් ෆිල්ම්ම තමයි. පොදු පේ‍්‍රක්ෂකයා ආමන්ත‍්‍රණය කිරීමට නමින් පවා මේ දෙක වෙනස් වෙනවා. කොහොම නමුත් මේක විකාශය වෙයි කියල මම හිතුවේ මීට වඩා කොරෝනා අවදියක. දැන් ඒක වෙනස් වෙලා තියනවා. හැබැයි ලබන මාසේ වෙනකොට මේ නාට්‍යය ප්‍රෙක්ෂකයාට දැකගන්න ලැබේවි.

සිනමා පිටපතක් ටෙලි නාට්‍යකට හරවනකොට ප‍්‍රශ්නයක් වෙන් නැද්ද?

'එයා දැන් බැඳලා' මුලින් තිබේබේ සිනමා තිරපිටපතක් ලෙස...

පිටපත සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. චරිත නිරූපණය වෙන විදිය වෙනස් වෙනවා. කන්සෙප්ට් එක එකම වුණාට කතාවේ පරිමාව සිනමා පටයක නම් වෙනස් වෙනවා. මේ ටෙලි නාට්‍ය ඇතුලේ තියෙන්නෙ බැලැක් කොමඩි ස්වභාවය. හැබැයි මම මේක ෆිල්ම් එකකට කළා නම් මීට වඩා එහා

ගිහින් මිනිස්සුන්ගෙ අභ්‍යන්තර කාරණා මම එළියට ගේනවා. මම චිත‍්‍රපට කරද්දි ෆිලෝසොපි බොඩි ෆිල්ම්ස් කරන්නෙ. ටෙලි නාට්‍යට ෆිලෝසොපි බොඩි එක ගේන්න බෑ. එතකොට තියෙන්නෙ කතා කීමේ කලාව. ඉතින් මම අර තත්ත්වයෙන් මිදිලා කතා කීමේ කලාව මේ ටෙලි නාට්‍යයට ගෙනත් තියනවා. ෆිල්ම් එක කළා නම් මම අල්ලන්නෙ ටෙලි නාට්‍යයේදී වගේ කතාව නෙවෙයි ඒක ඇතුලෙ තියෙන ජීවිතය.

සංක්ෂිප්තව කිව්වොත් මේක මොනවගේ කතාවක්ද?

නගරයේ ඉන්න සම්භාහන මධ්‍යස්ථානයක් පොලිසියෙන් වටලද්දි ඒකෙ හිටිය ගැහැණියක් ඒකෙන් බේරෙන්න ත‍්‍රීවිල් එකකට ගොඩ වෙනවා. ඒ ත‍්‍රීවිල් එකේ තරුණයා මෙයාවත් අරන් ගමට එනවා. මේ තරුණයා ගමේ සම්ප‍්‍රදායික ජීවිතයක් ගෙවන මනුස්සයෙක් වුණාට

ගැහැණියගේ රූපය නිසා ඇයව කසාද බඳිනවා. ඒත් එක්කම ගැහැණිය නැවත තමන් කැමති සංස්කෘතිය ඇතුළේ ජීවිතයට යන්න හැදුවට ගමේ සංස්කෘතික මිනිස්සු ඇය හැම වෙලේම එළියට අදිනවා. එතනදී ගමක් එක්ක ඇතිවන විකෘතියයි මේ ටෙලි නාට්‍ය පුරාවට තියෙන්නෙ.

‘‘කොරොනා කාලේ ආලේ’’ නමින් කොරෝනා වසංගත සමයේ ලියූ සිනමා පිටපතද මේ?

නෑ. ඒ ෆිල්ම් එක රූගත කරලත් අවසානයි. ඒත් රූගත කිරීම් ඉවර වුණාට පස්සෙ අපි ඒ නම වෙනස් කළා. මොකද මම ඔය නම දැම්මට පස්සෙ කීප දෙනෙක්ම එවැනි නම් නිර්මාණවලට භාවිතා කරන්න ගත්තා.

‘‘2020’’ නමින් එම චිත‍්‍රපටිය එළියට දාන්න හිතන් ඉන්නෙ. දැනට පවතින ආර්ථික සහ සමාජීය ප‍්‍රශ්න කොරෝනා තුළින් එළියට පනිනවා කියන එකයි මේ චිත‍්‍රපටයෙදි ප‍්‍රකාශ වෙන්නෙ.

මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප‍්‍රදීප් රාමවික‍්‍රම, ප‍්‍රියන්ත සිරිකුමාර, ප‍්‍රසන්න දැකුම්පිටිය ඇතුළු තවත් ප‍්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මේ නිර්මාණය සාරවත් කිරීමට කොරෝනා වසංගත සමයේ එකාවන්ව කළ කැපකිරීම හේතු වූ බව ප‍්‍රසන්න ජයකොඩි අවසානයේ විශේෂයෙන් සඳහන් කළේය.

තිස්ස ගුණතිලක

'එයා දැන් බැඳලා' මුලින් තිබේබේ සිනමා තිරපිටපතක් ලෙස...
advertistmentadvertistment
advertistmentadvertistment