ඔබේ මරණය හඳහනේ ලියා තිබේ

1007

“ජීවිතං අනියතං මරණං නියතං” මෙලොව ජීවත්ව සිටින සැමකුටම මරණය නියමයි. මරණයෙන් ගැලවීමට කිසිවකුට බැහැ. එහෙත් බොහෝ දෙනකු උපරිම වශයෙන් දිගු ආයුෂ විඳ මිය පරලොව යෑමට කැමැත්තෝ වෙති. එහෙත් සමහරු ස්වභාවිකව මියයන අතර සමහරුන් අකාලයේ මියයති.

 ජ්‍යොතිෂයේ සඳහන් පරිදි අකාලයේ මියයන්නේ මාරක යෝග ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එනිසා කෙනෙකුගේ මරණය සිදුවන කාලයද කේන්ද්‍රයෙන් දැනගත හැකි වූවත් එය සෘජුවම ජ්‍යොතිෂඥයින් කීමට මැළිවෙන්නේ එය කීවොත් එදින සිටම ඔහු ඒ මානසිකත්වයෙන්ම ජීවිතය පුරාම මැරි මැරී ඉපදෙන නිසාය.

 මනුෂ්‍යයන්ගේ ආයුෂ හතර වර්ගයකි. ඒවා බාලායු, අල්පායු, මධ්‍යමායු, හා පූර්ණායු වශයෙන් හැඳින්වේ. බාලායු වර්ෂ 12 කි. අල්පායු වර්ෂ 32 කි. මධ්‍යම ආයු වර්ෂ 70 වකි. පූර්ණායු වර්ෂ 100 ඉක්මවාය. උපතින් පසු වර්ෂ 12 ට පෙර මිය යෑම බාලායුද, 32 ට පෙර මියයෑම අල්පායුද, 70 ට පෙර මිය යෑම මධ්‍යමායුද, 100 ට පෙර මිය යෑම පූර්ණායු ලෙස හැඳින්වේ.

 කාල අකාල මරණ ගැන විස්තර දැන ගැනීමේදී විශේෂයෙන්ම මාරක ගැන දැනගැනීම ඉතාමත් වැදගත් වේ. උපතේ සිට වර්ෂ 100 යක් ආයු වළඳා මරුමුවට පත් වීම කාල මරණයයි. එය පූජා, හෝම, යන්ත්‍ර, මන්ත්‍ර, ඖෂධ ආදී කිසිවකින් වළකා ගත නොහැකිවේ. එනිසා මිනිසාට කාල මරණ ඇත්තේ එකක් පමණි. කාල මරණ සිදුවන ස්ථානද ජ්‍යොතිෂය අනුව ජන්ම කේන්ද්‍රයකින් කිව හැක. ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නාධිපති චර රාශියක් නම් (මේෂ, කටක, තුලා, මකර) විදේශ රටකද, උපන් ප්‍රදේශයෙන් පිට ස්ථිර රාශියක් නම් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශියන් 8 වැන්නාධිපති නම් තම රටේදීද, උපන් ගමේදී හෝ ප්‍රදේශයේද උභය රාශියක් නම් ධනු මිථුන, කන්‍යා, මීන තම රටට හෝ පිටරටට අතරද උපන් ප්‍රදේශයටත් වෙනත් ප්‍රදේශයටත් අතරද මියයයි.

 යම් අයකුගේ මරණය සිදුවීමට අදාළ රාශියක්ද ඇත. ජන්ම පත්‍රයක 8 වැනි භාවය හා 22 වැනි දෙර්කාණාධිපතියාත් මරණය ගැන කියන නියමිත රාශිය හා දෙර්කාණය වේ. ඒ අනුව 8 වැනි භාවයේ සිටි ග්‍රහයා හෝ 8 වැන්න දුටු ග්‍රහයන් අනුව මරණය සිදුවීම ගැන කිව හැකිය.

 අටවැන්නට වැටෙන රාශියේ ස්වභාවය අනුව මරණයට බලපාන රෝග විස්තර මෙසේය. උදාවන 8 වැනි රාශිය අනුව රෝග විස්තර මේ ආකාරයට දැන ගන්න.

 මේෂ – පිත්, උණ, උෂ්ණ,  කුසගින්න ආදියෙන් මරණය සිදුවේ.

 මිථුන – කැසි, සෙම, ශුල රෝගවලින් මරණය සිදුවේ.

 කටක – බඩේ පිපුම, අරුචියකින් මරණය සිදුවේ

 සිංහ – සතුරු භය හෝ යෝනි ලිංගවල හටගන්නා රෝගයකින් මියයයි.

 කන්‍යා – සමාජ රෝග හෝ වෙනත් ලිංගයේ හටගන්නා  රෝගයකින් මියයයි.

 තුලා – උණ හෝ සන්නි  රෝගයකින් මියයයි.

 වෘශ්චික – පාණ්ඩු හෝ පිළිකා රෝගයකින් මියයයි.

 ධනු – ගල්, ලී පොලූ ආදියෙන් පහර කෑමෙන් හෝ වතුරෙන් යුදයෙන්, කැරැලිවලදී මියයයි.

 මකර – කැරැකිල්ලෙන්, සිහිනැතිව වැටීමෙන් අරුචි, ශුලවේදනා රෝගවලින් මියයයි.

 කුම්භ – උණ, කාස, සෙම, ක්‍ෂය රෝගවලින් මියයයි.

 මීන – දියෙන්, පීනස් රෝගයෙන් මියයයි.

 එසේම අටවැනි රැසේ සිටි ග්‍රහයාගෙනුත් මරණය ගැන විස්තර දත හැක. එනම් අටවැන්නේ සිටියේ රවි නම් පිත කෝපවීමෙන් හා අස්ථිගත රෝගයෙන්ද, චන්ද්‍රයා නම් වාත, සෙම් කෝපයෙන් හා ලේ කෝපයෙන් හටගත්  රෝගයකින්ද, කුජ නම් තද පිත්කෝපය හා ඇට මුල්ධාතු කෝපයෙන් හටගත් රෝගයෙන්ද, බුධ නම් තුන් දොස් කිපීමෙන් හා සිවි ධාතුව කෝපවීමෙන් හටගත් රෝගයෙන්ද, ගුරු නම් සෙම් කෝපයෙන් හා තෙල් ධාතුව කෝපවීමෙන් රෝගයන්ගෙන්ද, සිකුරු නම් සොමි ධාතුව කිපීමෙන් හා වාතයෙන් හටගත් රෝගයෙන්ද ශනි නම් – වාත කෝප වීමෙන් හා රාස ධාතුව නරක්වීමෙන් හැදෙන රෝගයෙන්ද කිව හැක. එය තවදුරටත් මෙසේ දැක්විය හැකිය. “සුයර්්‍යාදිභිර් නිධන ගෛර් හූතවහ සලිලා යුධ ජවරාමයජඃ ක්‍ෂු තතෘට කෘතශව මෘත්‍යුඃ පරදෙංශනෛධනෙ චරහෙ”

 යමෙකුගේ උත්පත්තියේදී ජන්ම ලග්නයෙන් අටවැනි රාශියෙහි රවි සිටියේ නම් ගින්නෙන්ද, චන්ද්‍රයා සිටියේ නම් ජලයෙන්ද, අඟහරුවා සිටියේ නම් ආයුධයෙන්ද, බුධහු සිටියේ නම් උණ රෝගයෙන්ද, බ්‍රහස්පති සිටියේ නම් ආමරෝගයෙන් හෙවත් අවර්ණයෙන්ද සිකුරා සිටියේ නම් පිපාසයෙන්ද මරණය වන්නේය.

 වෘභජජාතක ටීකාවෙහිද මෙසේ සඳහන් කර ඇත. අකීස්‍ය පීතතං, චන්ද්‍රස්‍ය වාතකඓෟ, භෞමස්‍යපිංතතං බුධස්‍ය ත්‍රයොපි වාත පිතත ශෙලෂ්මාණඃ වෘහ්‍යපතො. කළු ශුක්‍රස්‍ය වාත කඓෟ සෞරස්‍යවාත ඉති.

 අදහස හිරුට පිතද සඳුට වා සෙම් දෙකද, කුජට පිතද, බුධට වා පිත් සෙම් යන තුන්දොස් හෙවත් සන්නිපාතයද බ්‍රහස්පතිට සෙමද, සිකුරාට වා සෙම් දෙකද ශනිට වාතයද අයිතිවේ.

 යමෙකුගේ ජන්ම ලග්නය කෙරෙන්, අට වැන්න, යම් ග්‍රහයෙකු බල සහිතව දකීනම්, ඒ ග්‍රහයාට අයිති ධාතු කෝපයෙන් මරණය වන්නේය. නොහොත් ජන්ම දෙර්කාණය කෙරෙත් විසි දෙවැනි දෙර්කාණය හිමියා මරණයට හේතුවේයැයි දක්වා තිබේ. විශේෂයෙන් අඟහරුට පිත් සෙම් කෝපයද, ශනිට වාතසමාසයද ඇතිවන අතර අනිකුත් ග්‍රහයන්ට පෙර සේමැයි බව කිව හැක.

 ජ්‍යොතිෂවේදී  ජිනදාස  එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment