ඖෂධ වංචා හෙළි කළ සිවිල් නායකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න – පොලිස්පතිට සහ වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ කොමිසමට පැමිණිලි

72

ඖෂධ වංචා සම්බන්ධයෙන් රටට තොරතුරු හෙළි කළ විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ඇතුළු සිවිල් නායකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් එම සංවිධාන එකමුතුව ඊයේ (02 දා) වැඩබලන පොලිස්පතිවරයාට සහ වින්දිතයන් ආරක්‍ෂා කර ගැනීමේ ජාතික කොමිසම වෙත පැමිණිලි කර ඇත.

මීට පෙර මෙම පැමිණිලි සහ ඊට අදාළ ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත භාර දුන්න ද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම හේතුවෙන් එම සංවිධාන එකමුතුව මෙලෙස වින්දිතයන් ආරක්‍ෂා කර ගැනීමේ ජාතික කොමිසම වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පිළිකා ඖෂධ, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ මේ වන විට කතාබහට ලක්ව ඇති සහ ආන්දෝලනයට තුඩු දුන් ඖෂධ වංචා රැසක් සම්බන්ධයෙන් එම සංවිධාන එකමුතුව විසින් රටට තොරතුරු හෙළිදරව් කිරීමෙන් අනතුරුව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මකව පවතී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment