කතරගමට මහ සෙනඟක්

70

සෙල්ල කතරගම ජලයෙන් යටවේ…

වර්ෂයේ අවසන් දිනය වූ ඊයේ (31දා) දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගැනීම පිණිස හින්දු, බෞද්ධ බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පුදබිම වෙත පැමිණ සිටියහ.

කතරගමට මහ සෙනඟක්

කතරගම කිරිවෙහෙර අභියස සෙල්ලකතරගම, වැඩසිටිකන්ද, තිස්සමහාරාම, සිතුල්පව්ව යන පුදබිම් තුළ ද බැතිමතුන් පැමිණ ආගමික වතාවත් සිදු කරන අයුරු දිස්විය. පවතින මහා වැසි මුල් කෙට ගෙන දින හතරක් තිස්සේ මේ වන විට මැණික් ගඟේ ජලය පිටාර ගලමින් පවතී. මේ නිසා සෙල්ලකතරගම ගණපති කෝවිල ජලයෙන් පිරී පවතී. ගඟේ දේවාලය ලෙස හඳුන්වන මෙම කෝවිල මැණික් ගඟේ ජලය වැඩි වූ විට සෑම වසරක් පාසාම වැසි සමයෙහි ජලයෙන් යටවේ. මේ වන විට මැණික් ගඟේ ජලය ක්‍රමයෙන් බැසයමින් පවතී. පැමිණෙන බැතිමතුන්ගේ පුදපූජා පැවැත්වීම මැණික් ගඟ ඉවුරේ තාවකාලිකව ඇති ගණදෙවි දේවාලයේ සිදු කරන බව ගණදෙවි කෝවිලේ පූජක ජනක දිසානායක සාමි “දිවයින” ට පැවැසීය.
කතරගම කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment