කනේ කලාඳුරු ඉවත් නොවනවිට

1249

කනේ කලාඳුරු ඇතිවීම අප කාගේත් සාමාන්‍යයෙන් සිදු වේ. එම කලාඳුරු ඇතිවන්නේ බාහිර කනේ ය.

 බාහිර කන සැකසී ඇත්තේ බාහිර ශ‍්‍රවණ නාළය, කාටිලේජ සහ අස්ථිවලිනි. එය ආවරණය වී ඇත්තේ සමෙනි. කාටිලේජමය කොටසේ කලාඳුරු නිපද වේ. සාමාන්‍යයෙන් මෙම කලාඳුරු සමෙන් ගැලවෙන ෙසෙලත් සමග ඉබේ ම එළියට එයි. නමුත් ඇතැම් අයගේ මෙම කලාඳුරු පිටතට ඒම වෙනුවට කන තුළ එකතු වීමට පිළිවන.

 ඒ අතර කන් පිරිසිදු කරන කූරු හෙවත් කොට්න් බඞ්  (Cotton bud) දමා පිරිසිදු කිරීමට යෑමේ දී කලාඳුරු කන් බෙරය දෙසට තල්ලූ වී යයි.

 එසේ වූ විට කන් ඇසීම ද අඩුවී යෑමට පිළිවන.

 කනේ කලාඳුරු සිරවූ විට:

 කනේ කලාඳුරු සිර වී ඇතිවිට වෛiවරයෙක් හමු වී ප‍්‍රතිකාර ලබාගත යුතුය. එවිට වෛiවරයා සිර වී ඇති කලාඳුරු මෘදු කිරීමට ග්ලිසරින්, ඔලිව් තෙල් වැනි දෙයක් ලබාදේ. මෙය බින්දු තුන බැගින් දිනකට පස්වතාවක් පමණ කනට දැමිය යුතුය. එවිට කලාඳුරු මොලොක් වේ.

 සතියකට පමණ පසු වෛiවරයා ඔබගේ කනට වතුර විද පිරිසිදු කරනු ඇත. ඒ සඳහා ප‍්‍රභල ආලෝක ප‍්‍රභවයක් සහිත සිරින්ජරයක් භාවිත කරයි. මින් පෙර කනේ ආසාදනයක් නිසා කන් බෙරය සිදුරු වී ඇත්නම් කන් සේදීම නුසුදුසුය. ඒනිසා මෙම ප‍්‍රතිකාරයට පෙර වෛiවරයාට ඒ ගැන පැවසිය යුතුය.

 එවිට කලාඳුරු මොලොක් වූවිට වූෂණ යන්ත‍්‍රයකින් ඉවත් කරයි.

 ඇතැම් අයගේ කලාඳුරු තදින් බාහිර ශ‍්‍රවණ නාළයේ ඇලී පවතී. එවිට ඉවත් කිරීමේදී අධික වේදනාවක් දැනේ. එවැනි අවස්ථාවන්හි දී නිර්වින්දනය කර කලාඳුරු ඉවත් කරයි.

 කන් පිරිසිදු කිරීම සඳහා හෝ කලාඳුරු ඉවත් කිරීම සඳහා කිසි විටෙකත් කොට්න්බඞ් භාවිත නොකරන්න.

 සමහර අයගේ කලාඳුරු ඉබේ එළියට නො එයි. එවිට මාස 06කට වරක් උගුර, කන, නාසය ශල්‍ය වෛiවරයකුට පෙන්වා එම කලාඳුරු ඉවත්කර ගත යුතුය.

 කන් සේදීමෙන් පසු සතියකින් පමණ දිලීර නාශක කී‍්‍රම් වර්ගයක් කන තුළ ආලේප කිරීම සුදුසුය.

 උගුර, කන, නාසය ශල්‍ය වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment