ක්‍රීඩා ඇමැතිගෙන් ICC වෙත ලිපියක්

287


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍යල වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රේග් බාක්ලි මහතා වෙත දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරීන් අතර නිළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් නොපමාව මේ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා එම ලිපියෙහි සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment