කාබුල් ප‍්‍රහාරයට සම්බන්ධ ජිහාඞ්වාදීන් අත්අඩංගුවට ගන්නා බව ඇමරිකාවෙන් නිවේදනයක්

199

කාබුල් ගුවන්තොටුපළට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලට සම්බන්ධ ජිහාඞ්වාදීන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. මෙම ප‍්‍රහාරයන්ට සම්බන්ධ නීති විරෝධී පුද්ගලයන් කිසිවෙකුට ඇමරිකාව සමාව නොදෙන බව ජනාධිපති බයිඩන් කියයි.

 ඇමරිකාවට අනුව කාබුල් ගුවන් තොටුපළින් වෙනත් රටවලට යාමට සූදානමින් සිටින ඇෆ්ගන් ජාතිකයන් ලක්ෂයක් පමණ දෙනාට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටි ළමුන්, කාන්තාවන් හා පිරිමින් කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කර තිබේ. කාබුල් ගුවන්තොටුපළට ප‍්‍රහාරයක් එල්ල වන බවට කලින් සිටම තොරතුරු ලැබී තිබුණ ද එය එල්ල වන දින වකවානු පිළිබඳව අනාවරණය වී නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment