කිලෝමීටර් 5ට නව ලෝක වාර්තාවක්

241

කෙන්යානු මලල ක්‍රීඩිකා බියටි්‍රස් චෙබෙට් කිලෝ මීටර් 5 දුර ධාවන ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පැවති කිලෝ මීටර් 5 දුර ධාවන ඉසව්වකට සහභාගි වෙමින් විනාඩි 14යි තත්පර 13කින් එම ඉසව්ව නිම කරමින් 23 හැවිරිදි බියටි්‍රස් විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ. ඇය විසින් බිඳ හෙළා ඇත්තේ ඉතියෝපියානු ක්‍රීඩිකා සෙන්බෙරේ ටෙෆෙරි විසින් තබා තිබූ වාර්තාවක් වන අතර එම වාර්තාවේ කාලයට වඩා තත්පර 16ක් අඩු කාලසීමාවකින් තරග ඉසව්ව නිම කරමින් කෙන්යානු ක්‍රීඩිකාව විසින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment