කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය 4500 ට වික්ක  කොටගල අලෙවිකරුගේ බලපත‍්‍රය අත්හිටුවයි

262

ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන්ට රු. 4500 කට අලෙවි කළ හැටන් කොටගල ප‍්‍රදේශයේ සමාගමේ අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය ඊයේ (25 දා) සිට තාවකාලිකව අත්හිටවූ බව එම සමාගමේ මධ්‍යම, ඌව සහ සබරගමු පළාත භාර සමාන්‍යාධිකාරි සාරංග විජේසිංහ මහතා පැවසිය.

සමාගම විසින් ඉකුත් 24 දා කොටගල සමාගමේ අලෙවි නියෝජිතයාට කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් 100 ක් ලබාදුන් බවත්, එසේ ලබාදුන් සිලින්ඩර් අලෙවි නියෝජිතයා විසින් රු. 4500 කට පාරිභෝගිකයන්ට අලෙවි කරන බව කොටගල නගරයේ වෙළෙඳ සංගමයෙන් ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බැවින් එම අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය තාවකාලිකව අත්හිට වු බව සාරංග විජේසිංහ මහතා පැවසිය.

කිලෝ 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රු. 2771 ක මිලකට අලෙවි කළ යුතු බවත්, සෑම අලෙවි නියෝජිත වෙළෙඳසැලකම මිල ප‍්‍රදර්ශනය අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත් සමාන්‍යාධිකාරිවරයා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment