කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහායට කොමර්ෂල් බැංකුව IDB සමග එක්වෙයි

25

කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රගතිය පිළිබඳ කටයුතු භාරව සිටින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහාය ලබා දීමේ අරමුණින් නව මුලපිරීමක් දියත් කර ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහායට කොමර්ෂල් බැංකුව IDB සමග එක්වෙයි

මෙම හවුල්කාරීත්වය මගින් IDB හි පාර්ශවකරුවන් හට IDB වෙබ් අඩවියේ ‘BizConnect’ හරහා ගෝලීය වෙළඳපලට පිවිසීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති ‘කොමර්ෂල් බැංකුවේ LEAP GlobalLinker’ ඩිජිටල් වේදිකාව වෙත ප්‍රවේශ වීමේ පහසුකම් සපයයි.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ IDB සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා, IDB අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික පී. එල්. යූ. රත්නමලාල මහතා හා ඩිජිවේෂන් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර් වකීල් මහතා යන අයවලුන් අතර මේ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

මෙමගින් ‘කොමර්ෂල් බැංකු LEAP GlobalLinker’ වේදිකාව හරහා සේවා සැපයීම සඳහා බැංකුවට රාමුවක් නිර්මාණය වන අතර, IDB වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට එම සේවාවන් වලට පිවිසීමේ හැකියාව ලැබේ. තවද එම පරිශීලකයින්ට අමතර දැනුමක් ලබා දීම සඳහා කර්මාන්තවලට අදාල ලිපි ලේඛන මෙම වේදිකාව තුල ප්‍රකාශයට පත්කිරීමට මණ්ඩලයට අවකාශය ලබා දෙයි.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, IDB සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා හා IDB අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික P. L. U. රත්නමලාල මහතා සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවට බැංකුවේ ආයතනික කළමණාකාරීත්වයේ සාමාජිකයින් සහ ආයතන දෙකෙහි නිලධාරීන් සහභාගී වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment