කෙඩෙට් නිලධාරීහු 316ක් අද විසිර යති

173


ශ්‍රී ලංකා යුද හමුදාවේ විද්‍යා පීඨයට ඇතුළත්ව පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් අද විසිර ගියහ.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයට ඇතුළත්ව වසර 2යි මාස 09ක කාලයක් පූර්ණ අධ්‍යයන විද්‍යාවේදී උපාධි පාඨමාලාව හැදැරූ 73දෙනෙක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභීන් 150දෙනෙක්, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීහු 61දෙනෙක්, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනියෝ 15 දෙනෙක් සැම්බියාව, මාලදිවයින සහ රුවන්ඩාව රාජ්‍යයන්ගෙන් පැමිණ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීහු 06දෙනෙක් හා ඉන්දියාවල පාකිස්ථානයල බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය බට නිලධාරීහු 05දෙනෙක් මේ පිරිසට අයත් වෙති.
ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨාමාලා අංක 17 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය එච්.ඒ.ටී ප්‍රභාෂ්වරී, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඒ.එම්.ඩී.ටී.එන්. පෙරේරා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය ආර්.ටී.එල්.ඒ. සිල්වා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන ගෞරව අසිපත එච්.ඊ.ඒ රන්ජුල, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා 90 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමිවන ගෞරව අසිපත ටී.ආර්.සී.ඩී පතිනායක නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඩී.එම්.එම්. රුක්ෂාන් දක්ෂතම විදේශීය කෙඩෙට් නිලධාරී ගෞරව යෂ්ටිය මාලදිවයින් ජාතික ඒ. ආදම් යන අය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අතින් සිය සම්මාන හිමි කරගනු ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment