කෙළින්ම මුදාහැරීමට හැකිද සොයනවා

86

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර පරීක්‍ෂාවකින් තොරව මුදාහැරීමේ හැකියාවද පවතී ද යන්න සොයා බලමින් සිටින බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඊයේ (07දා) පැවැසුවාය.

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර එරටදී පරීක්‍ෂාකර මෙරටට ගෙන්වනු ලැබුවත් මෙරටදීද පරීක්‍ෂා කිරීමෙන් පසු මුදාහරින බව ද කොතලාවල මහත්මිය පැවැසුවාය.

ආනයනික බිත්තර එකම ආයතනයකින් ගෙන්වීම සහ එරටදී පරීක්‍ෂා කර ගෙන්වන නිසා මෙරටදී එම බිත්තර පරීක්‍ෂාවකින් තොරව මුදාහරින ලෙස රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව ඉල්ලීමක් කර ඇති බවත් ඒ ගැන සලකා බලමින් සිටින බවත් ඇය කීවාය.

ආනයනික බිත්තරවල සෞඛ්‍යාරක්‍ෂිත භාවය පමණක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තව පරීක්‍ෂා කරන බවත් ඒවා අලෙවි කරන ප්‍රදේශ පිළිබඳව අනුමැතිය ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සිදුකළ යුතු බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment