ගල්අගුරු ආනයනයට අනුමැතිය

152


නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු ආනයන කිරීමට අඩුම ලංසුව ඉදිරිපත් කළ ඉන්දුනිසියානු සමාගමකට ටෙන්ඩරය ලබාදීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බවත් කීවේය.එම ගල් අගුරු නැව් ජනවාරි 5, 9 සහ 16 වන දිනවල මෙරටට ළඟා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.එසේම ජනවාරි මාසයේදී විදුලි බිල අනිවාර්යයෙන්ම ඉහළ දමන බවත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ජනවාරි 02 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment