ගල්කිස්සේ දෙමහල් නිවසේ ගණිකා මඩම වටලයි – ඉන්දුනීසියානු කාන්තාවවෝ දැලේ

3991

ගල්කිස්ස අල්විස් මාවත ප‍්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන යන ලද සුපිරි ගණිකා මඩමක් වටලා ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් පස් දෙනෙකු සමග එහි කළමනාකාරවරයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකය පැවසීය.

මෙම ඉන්දුනීසියානු කාන්තාවක් පැයකට රුපියල් ( 15000) පහළොස් දහසක මුදලකට අලෙවි වී ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 20, 23,25,26,28 යන වයස්වල පසුවන්නන් බවත් අත්අඩංගුවට ගත් එහි කළමනාකරු බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි.

ගණිකා මඩම පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ල මසකට රුපියල් ලක්ෂ තුනක මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති බවත් කාන්තාවන් පස් දෙනා හා කළමනාකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බව පානදුර මධ්‍යම දුෂණ මර්ධන ප‍්‍රහාරක ඒකකය කියයි. ඡායාරූප වලින් දැක්වෙන්නේ අත්අඩංගුවට ගත් ගණිකාවන්

ගල්කිස්ස අධිකරණය – ඞී.රුවන්දි, පින්සිරි ආරියරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment