නුවරඑළියේ සියලු පාසල් ඊයේ වසා දමයි

80

නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් ඊයේ 02 දින වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව 02 දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ නගරබද සහ වතු පාසල් සියල්ලම වසා දමා ඇති අතර, 01 දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පහත්බිම් වල පිහිටි වතු පාසල් ගණනාවක් ජලයෙන් යටවීම නිසා එම පාසල්වලට දැඩි අලාභ හානි සිදු වී ඇත.
ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment