ගවමස් බිම දමා විකුණා විසිදහසක් දඩ කාලා

105

කිසිදු පිරිසිදු කමක් නොමැතිව වෙළෙඳ සැලේ බිම දමා ඉතාමත්ම අපිරිසිදු ලෙස ගව මස් විකුණූ වෙළෙදුන් දෙදෙනකුට තරයේ අවවාද කළ කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසාවිනිසුරු එච්. දිනුදු සමරසිංහ මහතා එක් අයෙකුට රුපියල් 10,000 ක් බැගින් දෙදෙනාටම රුපියල් 20,000 ක දඩයක් ගෙවීමට නියෝග කළේය.

දඩ ගෙවීමට සිදුවූයේ කන්තලේ පේරාරු 2 ප්‍රදේශයේ මස් වෙළෙදුන් දෙදෙනකුටය.

කිසිදු ආරණයක් නොමැතිව වෙළෙඳ සැල තුළ තැනින් තැනදමා ඉතාමත් නොසැළකිලිමත් ලෙස මස් අලෙවි කරමින් සිටි බව වැටලීම් කළ පරිපාලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටර්නි සමන් මහතා අධිකරණය හමුවේ කියා සිටියයේය. කන්තලේ මහජන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කපිල මහතා ඇතුළු පිරිසක්ද මෙම වැටලීමට සහභාගි වී තිබිණි.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment