ගැසට්ටුව තහනම් කාලයේ – බිත්තර මිලියන 20 ක් විකුණා අයුතු ලාභයක් ලබලා

201

නඩු ගාස්තු සංගමයෙන් අයකර දෙන්න නීතිපති ඉල්ලයි
බිත්තර නිෂ්පාදකයෝම පෙත්සම අස්කර ගනිති

පාරිභෝගික සේවා අධිකාරියට ඔවුන් වෙත පැවැරී ඇති රාජකාරි ඉටුකිරීමට බාධාවක් වන පරිදි බිත්තර මිල පාලන ගැසට්ටුවට එරෙහිව නඩු පැවැරූ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයෙන් නඩු ගාස්තු අයකර ගැනීමට නියෝගයක් කරන්නැයි ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඊයේ (06 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම පෙත්සම්කාර පාර්ශ්වය විසින්ම ඊයේ (06 දා) ඉල්ලා අස්කර ගත් අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීම කළේය. අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ එම ඉල්ලීම ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය එම ඉල්ලීම සලකා බැලීම සඳහා ලබන මාර්තු 31 වැනිදා කැඳවීමට නියම කළාය.

පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම පරිදි මිල පාලන ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් අධිකරණය පනවා තිබූ කෙටි කාලය තුලදී, බිත්තර නිෂ්පාදකයන් බිත්තර මිලියන 20කට අධික ප්‍රමාණයක් වැඩි මිලට විකුණා ඉතා විශාල ලෙස අයුතු ලාභයක් උපයා ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment