ගිය මාසයේ විදේශ සංචිත වර්ධනයක්

337

මෙතෙක් කලක් දිගින් දිගටම අඩු වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2022 මැයි මාසය අවසානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1920 ක් දක්වා සියයට 6 කින් වර්ධනය වී ඇත.

මෙය 2022 අප්‍රේල් මාසය අවසානයේදී සටහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1812 හා සැසඳීමේදී විදේශ සංචිතවල සුළු වර්ධනයකි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. මේ අතර මැයි මාසය තුළදී විදේශ මුදල් සංචිතය ද, සුළු ඉහළ යෑමක් වාර්තා කර ඇත. මේ අනුව මැයි මාසය තුළදී විදේශ මුදල් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1602 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1805 දක්වා සියයට 12.7 කින් ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment