ගොවියාගේ කුඹුරට බැහැලා හමුදාව  වවනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි – හෙක්ටර් අප්පුහාමි

341

චමුදිතගේ ගෙදරට පහර දුන් දාට පසු දා සරත් වීරසේකරගේ පොලිස් පුතා දැමූ
‘අසූචි පෝස්ට් එක’ ගැන පරීක්‍ෂණයක් කිරීම රජයේ වගකීමක්

කුඹුරේ කලින් හාපු මනුස්සයගේ ට‍්‍රැක්ටරය අයින් කරලා ඒකට හමුදාවේ ට‍්‍රැක්ටරය දාලා හානවා නම් ගොයම් කපන මැෂිම ගමේ

ගොවියා කරපු වැඬේ ඒකත් උදුරගෙන ඉදිරි කාලයේදී හමුදාව කරනවා නම් මේක හමුදාව කරන රටක් වෙනවා යැයි පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්තී‍්‍රවරයා මෙසේ කීවේය. ඔහු මෙසේ ද පැවසීය.

මේ ආණ්ඩුව අර්ථ සාධකයට ගහන්න ගිය ගේම සමගි ජන බලවේගයේ අපි බේර ගත්තා. හැබැයි හැම කෙනකුම බොහොම ප‍්‍රවේශමෙන් ඇස් දෙක ඇරගෙන ඉන්න. කොතනක හරි ආයේ මේ ගේම ගහන්න පුළුවන්. මේ සල්ලි ටික දැකලා ‘මොළ හත’ අවේශ වෙලා ඉන්නේ. සමෘද්ධියට දුන්නා නියම ගේමක්. ඒ අය කොවිඞ් කාලේ පන්දාහ ගෙවන්න ඕනෑ වෙද්දි සමෘද්ධියෙන් අරගෙන දුන්නා. සමහර බැංකු දැන් කරගන්න බැරුව ඉන්නවා. සමහර නිලධාරීන්ට ඒ අයගේ අය විය යුතු දේවල් අය කර ගන්නත් බැහැ. ඒ වගේම සමෘද්ධිලාභීන්ට විශාල ප‍්‍රශ්න මතුවෙලා. ඒ මේ ආණ්ඩුව මුදල් පැහැර ගත්ත නිසා කියන එකත් මතක් කරනවා. හැම මොහොතකම මුදලක් දැක්ක නම් ඒකට කොයි වෙලාවේද ගහන්නේ කියලා බලන් ඉන්න, නින්ද යන්නේ නැති ආණ්ඩුවක් මේක.

දැන් කෘෂිකර්මය වෙනුවෙන් හමුදාව කුඹුරට බස්සනවා. හමුදාව ඒ තමුන් ඉන්න ස්ථානයේ ආණ්ඩුවේ ඉඩම් යම් විදියක සංවර්ධනයක් කර වැඩසටහන් කරන එකට අපි එකඟයි. හැබැයි කුඹුරේ කලින් හාපු මනුස්සයගේ ට‍්‍රැක්ටරය අයින් කරලා ඒකට හමුදාවේ ට‍්‍රැක්ටරය දාලා හානවනම්, අර ගොයම් කපන මැෂිම ගමේ ගොවියා කරපු වැඬේ ඒකත් උදුරගෙන ඉදිරි කාලයේදී හමුදාව කරනවා නම් මේක හමුදාව කරන රටක් වෙනවා. ගොවියාගේ කුඹුරට බැහැලා හමුදාව නම් වවන්න යන්නේ මේ රටට දෙවියන්ගේම පිහිටයි.

මේ ආණ්ඩුව හැම තිස්සෙම පුන පුනා ඇවිත් කියන්නේ කොවිඞ් වසංගතය එක්ක අපේ රට බේරා ගන්න අවශ්‍ය වැඩසටහනක් කරනවා කියා. එසේ කිව්වාට අර ගම්මන්පිල ඇමැතිවරයා කිව්වා මේ අර්බුදය කොවිඞ් වසංගතය නිසා නෙමෙයි ඇති වුණේ කියලා. ආණ්ඩුවේ නොහැකියාව තියෙන්නේ කියලත් ඔහු කිව්වා. එහිදී අපි දැක්කා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් එතුමාට දෝෂාරෝපණය කළා. ආණ්ඩුවෙම ඉන්න පක්ෂ දහයක් යෝජනාවක් දෙනවා ආණ්ඩුවට අලූතෙන් රට හදන්න ක‍්‍රමය ගැන. මේ රටේ ආර්ථික පරිහානියෙන්

බේරගන්න යෝජනා ඔවුන් යෝජනා කරනවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුව පරාජිතයි කියලා. ආණ්ඩුවට බැහැ කියලා. මේ යෝජනාවට ආණ්ඩුව අස්සෙම පක්ෂ යෝජනා දෙනකොට අපි එළියේ ඉඳන් යෝජනා දෙන එක වෙනම කතාවක්. හැබැයි ආණ්ඩුව ඇතුළේ පක්ෂ දහයක් ආණ්ඩුවට යෝජනා දෙනවා නම් ආණ්ඩුවට තවදුරටත් ඔය පුටුවෙ ඉන්න බැහැ කියන එක මතක් කරනවා.

ෂෙහාන් මාලකව අත්අඩංගුවට ගන්න වෙලාවේ නීතියට අධිකරණයට අගෞරව වෙන විදියට මිනිස්සු අත්අඩංගුවට ගන්න අවශ්‍ය නැහැ. මේ රටේ ආරක්ෂක අංශවලට ගෙන්වා ගන්න ක‍්‍රමවේදයක් තියෙනවා. ඒත් එහෙම කළේ නැහැ. ? චමුදිත කියන මාධ්‍යවේදියාගේ ගෙදරට ගිහිල්ලා වෙඩිතියලා අසූචි ගහලා ගල් ගහලා. මේවාට අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ නිකම්ම නෙමෙයි. කවුරුත් දන්නවා හැම තැනකම කැමරා තියෙනවා කියලා. චමුදිත නිකම්ම නිකන් ගෙදරට වෙලා ඉන්න මාධ්‍යවේදියෙක් නෙමෙයි. මේ රටේ සත්‍ය ගැන හොයන, ඒ ගැන කතා කරන කෙනෙක්. එතුමාගේ ගෙදර යද්දී ඒ යන මිනිස්සු දන්නේ නැද්ද කැමරාවේ පේනවා කියලා. එහෙනම් මේ යන්නේ ඒගොල්ලන්ට එවැනි හයියක් වෙන්න රැකවරණය දුන් කෙනකු ඉන්න නිසායි. ඒ කවුද කියලා හොයන්න ඕනෑ. ඒකයි වැදගත්. ඒ වෙඩිල්ලකින් චමුදිතට හෝ පුංචි දරුවාට හෝ බිරිඳට යම් ජීවිත හානියක් සිදු වුණා නම් මොකක්ද කියන්නේ. මිනිස්සු මරණ එක සෙල්ලමක් ද. එක එක කණ්ඩායම්වලට සෙල්ලම් වෙන්න පුළුවන්. අපේ රටේ ජනතාවට සෙල්ලමක් නෙමෙයි.

ඔබතුමන්ලා දකින්නැති කාන්තාවක් වෙඩි තියලා මරණවා. ඒක අමු දවාලේ යන විදිහට කරන්නේ. මොකද කැමරාවල පේනවා. අපිට අහන්න තියෙන්නේ රට පාලනය කරන්නේ පාතාලය ද කියලායි. මතක තියා ගන්න. මේ රටේ මිනිස්සුන්ව ඔය විදියට බය කරලා, මිනිස්සුන්ව මරලා, මිනිස්සුන්ට මඩ ගහලා, මිනිස්සුන්ව හිර භාරයට අරගෙන මේ රටේ ප‍්‍රශ්න විසඳන්න බැහැ කියන එක ආණ්ඩුව හොඳට දැනගන්න ඕනෑ. මේවට විරුද්ධව

නැ`ගිටින්න සමගි ජන බලවේගය අපේ කණ්ඩායම ජීවිත පරිත්‍යාගයෙන් එළියට එනවා නායකත්වයත් සමග.

සරත් වීරසේකර ඇමැතිවරයාගේ පුතා පොලිස් නිලධාරියෙක්. එතුමා පෝස්ට් එකක් දානවා ගල්වලට සහ අසූචිවලට කරපු අපහාසයක් කියලා.

එහි සත්‍ය අසත්‍ය මොකක්ද කියලා දන්නේ නැහැ. එතුමා එහෙම පෝස්ට් එකක් දැම්මා නම් ඒක ගැන පරීක්ෂණයක් කළ යුතුයි. අසූචි, ගල් ඊට කලින් දවසේ පාවිච්චි කරලා තියෙනවා මේ රටේ ඇත්තටම ගෞරවනීය මාධ්‍යවේදියකුගේ ගෙදරට ගහන්න. පහු වැනිදා උදේ මේ රටේ පොලිසිය භාර ඇමැතිවරයාගේ පුතා ඒක දානවා නම් පෝස්ට් එකක් විදිහට අපි දන්නෙ නෑ එතන තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඒ ගැන හොයන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. නමුත් අපට යමක් තේරෙනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment