චීනයෙන් අලුත් සිතියමක්

1538

දකුණු චීන මුහුදේ මතභේදකාරී දිවයින් ඇතුළු එහි සාගර ප්‍රදේශයෙන් 80%ක්ම තමන්ට හිමි බවට දක්වන නව සිතියමක් චීනය විසින් එළිදක්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් දකුණු චීන මුහුදේ සිය අයිතිය කියාපාන රටවල් රැසක්ම විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් අග්නිදිග ආසියාතික රටවල් කිහිපයක මුහුදු සීමාවට අයත් දූපත් සඳහා ද චීනය සිය අයිතිය සඳහන් කර ඇත.

එසේ සම්පත් බහුල බවට සැලකෙන ස්පාට්ලි සහ පාර්සල් දිවයින් සිය නීත්‍යනුකූල මුහුදු සීමාවේ පවතින බව චීනය මෙම සිතියම මඟින් දක්වා තිබේ.

වියට්නාමය සඳහන් කරන්නේ 1947 වසරේ සිතියමක් උපයෝගි කරගනිමින් චීනය එළිදක්වා ඇති දකුණු චීන මුහුදේ නව සිතියම තම රටේ ස්වෛරී සාගර අයිතිය උල්ලංඝනය කරන බවයි.

එමෙන්ම එය අවලංගු සිතියමක් ලෙස ද වියට්නාමය හඳුන්වයි.

පිලිපීනය, තායිවානය සහ මැලේසියාව ද චීනයේ නව සිතියම ප්‍රතික්ෂේප කරන අතර එම සිතියමට අනුව ඉන්දියාවේ අරුනාචල් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක් ද චීනය පාලනය යටතේ පවතින බවට දක්වා ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment